2030 ප්‍රංශයට – 2034 ඇමෙරිකාවට

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ප්‍රංශය 2030 වසරේ ශිත සෘතු ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වයටත්,2034 දී එම සත්කාරකාරකත්වය දැරීම ඇමෙරිකාවටත් පැවරීමට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ අනුමැතිය ලැබී තිබෙනවා.එම සත්කාරකත්වයන් දෙක තහවුරු කර ප්‍රදානය කිරීම ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ ජූලි මාසයේදී පැරිසියේ පැවැත්වෙන 142 වන IOC සැසියේදී සිඳුවීමට නියමිතව කිබෙනවා.
ප්‍රංශය 2030 සත්කාරකත්වය සිය රටේ ඇලිප්ස් වෙත ලබා ගැනීම සඳහා ස්වීඩනය සහ ස්විට්ස්ර්ලන්තය අභිබවා ගිය අතර ඇමෙරිකාවේ සෝල්ට් ලේක් සිටි-උටා,2034 සඳහා තරගකාරීත්වයික්න් කොරව සත්කාරකත්වය දිනා ගනු ලැබුවා.
 
2024 දී ගිම්හාන ඔලිම්පික් උළෙල පිළිගන්නා ප්‍රංශය, ශීත ඍතු ක්‍රීඩා උළෙලට 1924 දී Chamonix, 1968 දී Grenoble සහ 1992 දී Albertville හරහා තුන් වතාවක් සත්කාරකත්වය ලබා දී ඇත.2034 දී සත්කාරකත්වය දරන සෝල්ට් ලේක් සිටි-උටා මීට පෙර 2002 වසරේදී ද ශිත සෘතු ඔලිමිපික් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරූ නගරයක් වීම සුවිශේෂයි.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ නොවැම්බර් 29 දා පැරීසියේ පැවති ජාත්‍යන්තර ඔලිසිපික් කමිටු විධායක සභාවේදී මේ තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටු සාමාජික සහ උපදේශක සභාවේ නියෝජිත කාල් ස්ටෝස් සහ ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ තරගාවලි විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝල් ඩුබී මෙම තීරණ ජනමාධ්‍ය වෙත දැනුම් දුන් අවස්ථාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...