වැඩබලන පොලිස්පතිවරයා ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය!

0
595

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇත.

කථානායකය, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පසුගිය දා එම ධුරයට පත් කරණු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??