ජල විදුලිය තවත් සති දෙකකට පමණයි – ජලාශ පිරෙන්න මැයි මාසෙ වෙනකං ඉන්න වෙනවා

Date:

විදුලිය නිපදවීම සඳහා භාවිතා කරන ජලාශව ප්‍රමාණවත් මට්ටමකට පිරෙන තෙක් විදුලි කප්පාදුව සිදු කිිරීමට සිදුවන බව වාර්තා වේ. ඒ අනුව අවම වශයෙන් තවත් මාස 03 ක් පමණ වනතෙක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි ඒ පිළිබඳ විශේෂඥයන් පවසන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ලබන මැයි මාසය අවසන් වනතෙක් ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබෙනු ඇත. ඊට පෙර කඩින් කඩ වැසි ඇති වුවද ජලාශ පිරීයාමට තරම් එම වැසි තත්වය ප්‍රමාණවත් නොවේ.

මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල තිබෙන ජල ප්‍රමාණය තවත් සති දෙකකට පමණක් විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි අතර වැසි නොලැබුණහොත් ජල විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.

මේ අතර ඉන්ධන අර්බුදයද දිනෙන් දිනම උග්‍රවෙමින් පවතී. මේ නිසා ඉදිරියේදී විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ඉන්ධන ප්‍රමාණය තවදුරටත් අවම විය හැකිය. එසේ වුවහොත් දැනට සිදුවන විදුලි කප්පාදුව තවත් පැය කිහිපයකින් දීර්ඝ වීමේ අවදානමක්ද මතුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...