ජල විදුලිය තවත් සති දෙකකට පමණයි – ජලාශ පිරෙන්න මැයි මාසෙ වෙනකං ඉන්න වෙනවා

0
370

විදුලිය නිපදවීම සඳහා භාවිතා කරන ජලාශව ප්‍රමාණවත් මට්ටමකට පිරෙන තෙක් විදුලි කප්පාදුව සිදු කිිරීමට සිදුවන බව වාර්තා වේ. ඒ අනුව අවම වශයෙන් තවත් මාස 03 ක් පමණ වනතෙක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි ඒ පිළිබඳ විශේෂඥයන් පවසන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ලබන මැයි මාසය අවසන් වනතෙක් ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබෙනු ඇත. ඊට පෙර කඩින් කඩ වැසි ඇති වුවද ජලාශ පිරීයාමට තරම් එම වැසි තත්වය ප්‍රමාණවත් නොවේ.

මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල තිබෙන ජල ප්‍රමාණය තවත් සති දෙකකට පමණක් විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි අතර වැසි නොලැබුණහොත් ජල විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.

මේ අතර ඉන්ධන අර්බුදයද දිනෙන් දිනම උග්‍රවෙමින් පවතී. මේ නිසා ඉදිරියේදී විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ඉන්ධන ප්‍රමාණය තවදුරටත් අවම විය හැකිය. එසේ වුවහොත් දැනට සිදුවන විදුලි කප්පාදුව තවත් පැය කිහිපයකින් දීර්ඝ වීමේ අවදානමක්ද මතුව තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here