වොලොදිමීර් සෙලෙස්න්කි: ප්‍රහසන නළුවෙක්ගේ සිට ජාතික වීරයෙක් දක්වා – මහේෂ් හපුගොඩ

Date:

විකට නළුවෙක් විදියට ජිවිතේ පටන් ගත්ත වොලොදිමීර් සෙලෙන්ස්කි දේශපාලනයට එනකොට හැමෝම හිනාවුණා. එයා දේශපාලනයට ආවේ දණගාගෙන කියල. දේශපාලන ළදරුවෙක් කියල. අත්දැකීම් නැහැ කියල. හැබැයි ඒ ඔක්කොම අහගෙන යුක්රේනයේ ඉහලම පුටුවට ආපු සෙලෙන්ස්කි අද හැමෝම පුදුමයට පත්කරන දේශපාලන නායකයෙක් වෙලා.

දේශපාලනයට එනකොට අරන් එන්න ඕනි අත්දැකීම් මුකුත් නැතුව එයා ආව උනාට ඔහුටවත් හිතාගන්න බැරි විදියට ඔහු තුළින් ම ඔහු මතුකර ගන්න එයා මේ වෙනකොට සමත් වෙලා තියනවා. ඒ කියන්නේ විකට නළුවා ඇතුලේ හිටපු රාෂ්ඨ පාලකයා.

මිනිස්සු තමන්ව ගවේෂණය කර ගන්නේ අර්බුද ඇතුලෙන් කියල කියන ජනප්‍රිය දේශපාලන පිරුළ ඔහු සම්බන්දෙයෙන් හරියටම පෑහෙනවා.
අද වෙනකොට එයා දක්ෂ සන්නිවේදකයෙක්. එයා යුක්රේනය වෙනුවෙන් පසුගිය දවස් දෙක තුනේ කියපුවා යුක්රේන වැසියන්ගේ හිත්වල විතරක් නෙවෙයි ලෝකේ හුඟක් අයගේ හිත්වල සහ ඉතිහාස පොත්වල හුගක් කාලෙකට දෝංකාර දේවි.

හොලිවුඩ් නළුවෙක් වෙලා ඉඳල පස්සේ දේශපාලනයට ආපු ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ගෝර්බචෝෆ්ට කිව්වේ ‘ගෝර්බචෝෆ් මහත්තයා, ඔන්න ඔය තාප්පේ පෙරළලා දාල මිනිස්සුන්ට නිදහසේ යන්න ඔය ගේට්ටුව ඇරලා දාන්න’ කියල. ඊට අවුරුදු හතලිස් පහකට පස්සේ සෙලෙන්ස්කි කියන්නෙත් ‘නිදහස් මිනිසුන් සහ නිදහස් රටක්’ කියල.

‘අපි සාමකාමී මිනිස්සු හැබැයි අපිට මේ වෙලාවේ සද්ද නැතුව ඉන්න බැහැ. එහෙම උනොත් හෙට යුක්රේනයක් නැහැ. අපි ඉදිරියේ ඉන්නේ ලෝකේ බලවත්ම හමුදාව. ඉතිං අපිට උදව් ඕනි. හැබැයි බටහිර පුටිංට බයේ හැංගිලා ඉන්නේ’. මේ සෙලෙන්ස්කිගේ වචන.

රේගන්ට වගේ ඇමෙරිකන් දේශපාලන ප්‍රතිමාවක් (political icon) තනන්න සෙලෙස්න්කිට බැරි වෙයි. මොකද රේගන්ට වගේ කාලයක් ඉන්න සෙලෙස්න්කිට ඉඩ ලැබේද නැද්ද යන්න ගැන සහතිකයක් දැන් නැති නිසා. මොකද ලෝකේ ලොකුම, බලගතුම, මුරණ්ඩුම හමුදාවක් තියෙන චණ්ඩියෙක් ඉස්සරහ, තමන්ව මරන්න කියල වෙනම හමුදා ඛණ්ඩයක්ම එවල තියන වෙලාවක බය නැතුව තමන්ගේ හමුදාව එක්ක එකට භූමියේ බැහැල ඉන්න සෙලෙන්ස්කි ඉන්නේ ජීවිතයත් මරණයත් අතේ අරගෙන.

නාස්තියට සහ දුෂණයට විරුද්ධ රූපවාහිනී විකට නළුවෙක් හැටියට සෙලෙන්ස්කි එදා යුක්‍රේනය දේශපාලන අර්බුදයේ කේන්ද්‍රයට කතා කලා. එතැනදිත් ඔහු දක්ෂ සන්නිවේදකයෙක්. අද යුද්ධයක පැටලුණු වෙලාවෙත් ඔහු හොඳ සන්නිවේදකයෙක්.

පුටිංගේ දුර්වල සන්නිවේදනය එක්ක ගත්තම සෙලෙන්ස්කි ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා ඔහුගේ වචනවල බලපෑම විශාලයි.

‘සෙලෙන්ස්කි කියන්නේ රුසියන් කතා කරන යුදෙව්වෙක්. මගේ තාත්ත රතු හමුදාවේ හිටියේ. නාසීන් අතින් එයාගේ සහෝදරයින් තුනක් නැතිවුණා. උඹල අපිට ගැහුවොත් උඹලට අපේ මුහුණු මිසක් පස්සවල් පේන එකක් නැහැ’ කියල වතාවක් ඔහු කියනවා. ඒ වචන සෑහෙන බලපෑමක් උණා යුක්රේන වැසියන්ට බලවතෙක් ඉස්සරහා නැගී සිටින්න.

දුෂණය අවසන් කරන්න ආපු ඔහුගේ නම වරක් පැන්ඩෝරා පත්‍රිකා වලත් තිබුණා. ඒ ඔහුගේ බිරිඳ සම්බන්දයෙන්. ඒ කතාවත් තවම අවසන් නැහැ.
අළුත් සීතල යුද්දයක් අබියසට ලෝකය ආයෙත් ඇවිල්ල. හැබැයි ඒ මුල් ආකෘතියෙන්ම නෙවෙයි. වෙනත් ආකෘතියකින්. පළමු සීතල යුද්දයේදී වැඩියෙන්ම කියවුණේ ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ නම්. හැබැයි මේ දෙවැනි සීතල යුද්දෙදි වැඩියෙන්ම කියවෙන්නේ වොලොදිමීර් සෙලෙස්න්කිගේ නම.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...