කුරුසයේ අත ගහලා දිවුරනවා පාස්කු ප්‍රහාරය ගැන කිසිම තොරතුරක් මම දැනගෙන හිටියෙ නෑ – මෛත්‍රී

0
660

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී තමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එවැනි යම් තොරතුරක් පිළිබඳව බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ තමාව දැනුවත් කළේ නම් කිසිදු හේතුවක් මත තමා රටින් පිටව නොයන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

පොළොන්නරුව නිර්මලී දෙව් මැදුරේ ඉරිදා දේව මෙහෙය සඳහා සහභාගිවෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙන්නේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හෝ පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බවයි. තමාට ඒ සම්බන්ධයෙන් කුරුසයේ අත තබා දිවුරා සපථ කළ හැකි බවද ඔහු සඳහන් කරනවා.

සිංගප්පූරුවේ සිටියදී හෝ ආරක්ෂක අංශ, ප්‍රහාරයක් එල්ල වන බවට තමා දැනුවත් කළේ නම් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දෙන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here