ගුරුවරු හෙට පාර්ලිමේන්තුව වැටලීමට සැරසෙයි!

Date:

කොළඹ LNW:කරුණු කිහිපයක් මුල්කරගනිමින් හෙට (05) දින ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.

අධ්‍යාපනය සඳහා නිසිලෙස මෙවර අයවැයෙන් මුදල් වෙන් නොකිරීම,ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් නොකිරීම සහ අයවැයෙන් රජයේ සේවකයින්ට වැඩි කළ රු.10000ක වැටුප් වැඩිවීම ජනවාරි මාසයේ සිටම ලබා දීමට බලකිරීම යන කරුණු එම විරෝධතාවට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

අද (04)කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ හෙට පස්වරු 01.30ට එම විරෝධතාව සංවිධානය කර තිබෙන බවයි.

සිය ඉල්ලීම් ඉටුවන තෙක් අඛණ්ඩව විරෝධය ඉදිරියට ගන යන බවද ඔවුන් අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...