රුසියානු සෙබළු 4300 ක් මරා දැමුවා – යුක්රේනය

Date:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය තුළ රුසියාවට හිමි නිෂේධ බලය අහෝසි කළයුතු බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඒ සඳහා ලෝක බලවතුන් එක්විය යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

යුක්රේනයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින රුසියානු සෙබළුන් යුක්රේනයෙන් ඉවත් වියයුතු බවට ආරක්ෂක කවුන්සිලය වෙත ගෙන ආ යෝජනාව සිය නිෂේධ බලය යොදා පරාජය කිරීමට රුසියාව කටයුතු කළ අතර නිෂේධ බලය හිමි චීනය අදාල යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. යුක්රේන නායකයා රුසියාවේ නිෂේධ බලය අහෝසි කළයුතු බවට යෝජනා කරන්නේ මෙම තත්වය හේතුවෙනි.

මේ අතර යුක්රේන නායකයා, රුසියානු ආක්‍රමණය හඳුන්වන්නේ සමූල ඝාතනයක් ලෙසයි. ළමුන් ඇතුළු යුක්රේන ජනතාව ඝාතනය කරමින් සිටින බවට ඔහු රුසියාවට චෝදනා කරනවා.

මේ වනවිට රුසියානු සෙබළුන් 4300 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවට යුක්රේන වාර්තා තහවුරු කරයි. මීට අමතරව රුසියාවට අයත් ගුවන් යානා 27 ක්, හෙලිකොප්ටර් 26 ක්, යුද ටැංකි 146 ක් විනාශ කර ඇති බවද එම වාර්තා පවසනවා.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේන ජාතිකයන් ලක්ෂ 02 කට වැඩි පිරිසක් රටින් පිටව ගොස් තිබෙනවා. ඔවුන් යුක්රේන දේශසීමාවේ පිහිටි පෝලන්තය ඇතුළු යාබද රටවල් වෙත පළාගොස් තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...