හෙට (28) සඳුදා සිට මගී බස් රථ ගමන් වාර සීමා කිරීමට සිදුව ඇති බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඩීසල් නොමැතිවීම හේතුවෙන් මෙවැනි තීරණයකට එළඹ තිබේ.
ඒ අනුව හෙට සිට ධාවන කටයුතු සඳහා යොදවන බස්රථ ප්‍රමාණය 50% ක් දක්වා අඩු කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
මේ වනවිට දැඩි ඩීසල් හිගයක් රටපුරා දක්නට ලැබෙන අතර මෙය මගී ප්‍රවාහන කටයුතු සඳහා දැඩිලෙස බලපෑම් සිදු කරයි.
UN