*
Tuesday, October 29, 2024
spot_img

Latest Posts

දීර්ඝ කාලීන මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට නොපැකිළෙන බව ඉන්දීය මහ කොමසාරිස් මහනුවර දී පවසයි.

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
දීර්ඝ කාලීන මිතුදමක් සහිත රටක් වන ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු අවස්ථාවක ඉන්දියාව නොපැකිළෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීයානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි.

සංස්කෘතිය, භාෂාව, ආචාර ධර්ම ආදියෙන් දැඩි සමීප බවක් සහිත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අඛණ්ඩ මිත්‍රත්වය සියවස් ගණනාවක් ඈතට දිවෙන බව ද ඒ මහතා තව දුරටත් පැවසීය.

මහනුවර පිහිටි ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය ස්ථාපිත කොට වසර සියයක් පිරීම නිමිත්තෙන් සැමරුම් මුද්දරයක් නිකුත් කිරීම ඇතුලු සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් අද (07) සහභාගීවූ ඒ මහතා එහිදී පැවැති උත්සවයේදී මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍රත්වය සංකේතවත් කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ලාංජනය නිර්මාණය කර ඇතැයි කී ඒ මහතා දෙරට අතර දැඩි සමීප බව ඉන් නිරූපණය කරන බව ද කීවේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාවට රටවල් දෙකක් වූ නමුත් දෙරටේ ජනතාව දැඩි සමීප බවකින් පසුවන බවත් සංස්කෘතිය, භාෂාව, ආගම, ආහාර ආදිය තුළින් එම සමීප බව මැනවින් නිරූපණය වන බව ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා, ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන්, තැපැල්පති රාජිත රණසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan