ඊශ්‍රයල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 17,000ක් ඉක්මවා ඝාතනය වෙයි.ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ජන්ද විමසීමක්!

Date:

කොළඹ LNW: ගාසා තීරය තුළ වහාම මානුෂිය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද සිදුකිරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වගන්තිය යටතේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ආරක්ෂක මණ්ඩලය තුළ අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන ලෙස එක්සත් අරාබී එමිර් රාජ්‍යය සාමාජික රාජ්‍යන්ගෙන් ඉල්ලීමක් ද කර ඇති අතර යෝජනාව සම්මත වීම සඳහා ඊට පක්ෂව ඡන්ද 09ක් හිමිවිය යුතු වෙයි.

එමෙන්ම අමෙරිකාව,රුසියාව,චීනය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය නිශේධ බලය භාවිත කිරිමෙන් වැළකි සිටිය යුතුද වෙයි.

මේ අතර ඊශ්‍රායල හමුදා ගාසා තීරයට බෝම්බ හෙලීම මේ වන විට තවත් දැඩි කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරන්නේ.

ඊශ්‍රායල හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ලද පලස්තීන ජාතික පිරිමි පුද්ගලයන්, නිරුවත් කර රැගෙන යන දර්ශන ඊශ්‍රායල රූපවාහිනී නාලිකාවල විකාශය කර තිබෙන බවට පලස්තීනයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා පවසා තිබේ.

මෙවැනි දර්ශන විකාශය කරන ඊශ්‍රායල මාධ්‍ය, ඔවුන්ගේ හමුදා විසින් පලස්තීන වැසියන් සමූල ඝාතනය කරන දර්ශන නොපෙන්වීම පුදුමයක් යැයි ඔහු තවදුරටත් පවසා ඇත.

ගැටුම් හේතුවෙන් මේ වන විට පලස්තීන ජාතිකයන් 17,177 දෙනෙකු ඊශ්‍රායල හමුදා විසින් ඝාතනය කර තිබෙන බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...