ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

Date:

ආසියානු සංවර්ධන බැංකුව විසින් ඊයේ (දෙසැම්බර් 8 ) දින නිවේදනය කර ඇති පරිදි රටේ මූල්‍ය ස්ථායිත්වය පවත්වා ගැනීම සඳහා උදවුවක් ලෙස ඩොලර් මිලියන 200ක සහන ණය මුදලක් අනුමත කර තිබෙනවා. ඊට අමතරව මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියනයක ආධාර මුදලක්ද වෙන් කර තිබෙනවා.

ඉහත සහන ණය මුදල ඩොලර් මිලියන 400ක සහන ණය මුදලක පළමු කොටස වන අතර, එහි දෙවන කොටස ලෙස තවත් ඩොලර් මිලියන 200ක මුදලක් එළැඹෙන 2024 වසර තුළ ලබා දීමට නියමිතයි. පළමු කොටස රටේ මූල්‍ය ස්ථායීත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වූ ක්ෂණික ක්‍රියා මාර්ග වල පිරිවැය ආවරණය කර ගැනීම සඳහා යොදා ගත හැකි අතර, දෙවන කොටස ලැබුණු විට එම මුදල දිගුකාලීනව රටේ මූල්‍ය ස්ථායීත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වෙනුවෙන් වැය කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණ අනුව රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබීම මෙම ණය මුදල අනුමත කිරීමේදී ආසියානු සංවර්ධන බැංකුව විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා. මෙවැන්නක් විශේෂයෙන් සඳහන් කිරීමෙන් පෙනී යන්නේ ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබෙන්නට විශාල ඉඩකඩක් ඇති බවයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...