කොළඹ නෙළුම් කුළුණට අද එක් වන  ‘Blue Orbit’ වෙතින්  නව එළියක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (9) පස්වරුවේ , මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින් දෙස් විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් ගෙන එන කොළඹ නෙළුම් කුළුණේ පිහිටි කැරකෙන අවන්හල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ, දකුණු ආසියාවේ උසම අවන්හල ලෙසින්, කොළඹ නෙළුම් කුළුණු පරිශ්‍රයේ පිහිටි ‘Blue Orbit’ අවන්හල තුළ එක්වරකදී 225ත් 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතින අතර, එය නෙළුම් කුලුන පරිශ්‍රයේ 27 වැනි මහලේ පිහිටා තිබෙන බවයි .

නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම සහ සිට්‍රස් සමාගම එක්ව මෙම කැරකෙන අවන්හල පවත්වාගෙන යන අතර, එය දිවා සහ රාත්‍රි ආහාරපාන ලබාගැනීම වෙනුවෙන් විවෘතව තැබෙනු ඇත. දිවා ආහාරය සඳහා පෙ.ව. 11.00 සිට ප.ව. 3.30 දක්වාත්, රාත්‍රී ආහාරය සඳහා ප.ව. 6.30 සිට රාත්‍රී 11.30 දක්වාත් කැරකෙන අවන්හල විවෘතව පවතින බවද දිලුම් අමුණුගම මහතා කියා සිටී.

මේ අවන්හල උපයන ලාභයෙන් 80%ක් නෙළුම් කුළුණ කළමනාකරණ සමාගමටද, ඉතිරි 20% සිට්‍රස් සමාගමටද ලැබෙන පරිදි ක්‍රියාත්මක වන අතර, අවන්හල පවත්වාගෙන යෑම සඳහා නෙළුම් කුලුන කළමනාකරණ සමාගම විසින් රුපියල් මිලියන 220ක මුදලක් ආයෝජනය කර තිබේ.

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සදහන් කළේ,

“මුලින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පැවැති නෙළුම් කුලුන මේ වන විට මුදල් අමාත්‍යාංශය යටතේ පවතිනවා. නෙළුම් කුලුන ඉදිකිරීම වෙනුවෙන් ගත් ණය මුදල මේ වන විට නිසි පරිදි කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම විසින් ගෙවා තිබෙනවා. මේ ව්‍යාපෘතිය සුදු අලියෙක් කියා අර්ථකථනය කරන්න ඇතැමුන් උත්සාහ කළා. එහෙත් අද වන විට මෙහි තත්ත්වය අපිට දකින්න ලැබෙනවා. මේ වන විට මෙහි සියලු කුටි වෙනුවෙන් බදු ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ අනුව මේ වනවිට ගිවිසුම්ගත වීම අවසන් කර තිබෙනවා.

මේ වන විට කොටසක් ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය ආයෝජන ක්ෂේත්‍රයට මෙන්ම සංචාරක කර්මාන්තයේ දියුණුවටත් වැදගත් වෙනවා. එය කළමනාකරණය වෙනුවෙන් සිට්‍රස් හෝටල් සමූහය විසින් බාරගෙන තිබෙනවා. එය එම හෝටල් සමූහය සහ කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම ඒකාබද්ධව මෙහෙයුම් කටයුතු සිදු කරනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...