ඩොලර් නොමැතිව කන්ටේනර් 1500 ක් වරායේ හිරවෙලා – ඩොලර් නිකුත් කරන්න මාසයක් කල් ඉල්ලයි

Date:

ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 1500 කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවී ඇති බව වාර්තා වේ.

මෙම කන්ටේනර් නිදහස් කිරීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කරන ලෙස වෙළඳ අමාත්‍යංශය මහ බැංකුවෙන් ඉල්ලීමක් සිදුකර ඇති අතර කෙසේ නමුත් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඩොලර් නිකුත් කිරීම සඳහා අවම වශයෙන් තවත් මාසයක කාලයක් අවශ්‍ය බව මහ බැංකුව දැනුම් දී තිබෙනවා.

මෙම කන්ටේනර් නිදහස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි දෙකහමාරකට අධික මුදලක් අවශ්‍ය වේ.

ඉදිරි මාසය තුළ ඩොලර් කෝටි 50 ක විදේශ ණය පියවීමට තිබෙන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් ඩොලර් වැය කිරීමට වඩා ණය ගෙවීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මහ බැංකුව තීරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...

කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : සීදූව ප්‍රදේශයේ පිහිටි...

පසුගිය දශක කිහිපය තුළ බ්ලොක්බස්ටර් සීමා බිඳලූ සිනමාංග කිහිපයක්!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): The Exorcist, Jaws, සහ...