සමස්ත ආර්ථික ක්‍රියාවලියම කඩාකප්පල් කරන්නයි විපක්ෂය උත්සාහ කළේ – ෂෙහාන් (VIDEO)

Date:

වැට් බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අවස්ථාවේදී ඝණ පූර්ණය පිළිබඳව ප්‍රශ්න කරමින් විපක්ෂය උත්සාහ කළේ සමස්ත ආර්ථික ක්‍රියාවලියම කඩාකප්පල් කිරීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“මේකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ 12 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අපේ පළවෙනි රිවීව් එක සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානමින් ඉන්නවා. ඊළඟට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අපි සාර්ථකව අවසාන කරගෙන ඉන්නවා. එතකොට මේ කාරණා දෙක ඉටුවීමත් සමඟම අපි බංකොලොත්භාවයෙන් ඉවත් වෙනවා. පිළිගැනීමක් තියෙන මූල්‍ය රාමුවක් තියෙන රටක් බවට අපි පරිවර්තනය වෙනවා. ඉතින් ඒක හින්දා විපක්ෂයට මේක ඉවසාගන්න බෑ. සමස්ත ආර්ථික ක්‍රියාවලියම කඩාකප්පල් කරන්න උත්සාහ කළේ. ඉතින් මං හිතන්නේ අපට ඒකෙ බාධාවක් ඇතිවෙන්නෙ නෑ, අපි නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නවා”

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් බදු පනත පිළිබඳ විවාදය පවත්වාගෙන යාම සඳහා ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල්තැබීමට සිදුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැට් බදු පනත ඊයේ දිනයේදීම සම්මත කරගැනීමට ආණ්ඩු පක්ෂය අපේක්ෂා කළ ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉතාම සුළු පිරිසක් පමණක් විවාදයට සහභාගී වීම තුළ ඊයේ දිනයේදී පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!

කොළඹ LNW: ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව...

හෝමාගමින් මතු වූ හෙරෝයින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කැළණිය කොට්ඨාස අපරාධ...

මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේම අවධානය...

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී...