විරෝධතා කරන කට්ටියට ඉදිරියේදී මොකද වෙන්නේ ? – දේශබන්දුගෙන් පිළිතුරු (VIDEO)

Date:

සාමකාමී ලෙස උද්ඝෝෂණ, විරෝධතා, ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන අයට පොලිසිය කිසිදු බාධාවක් සිදු නොකරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

“පොලිස් නිලධාරීන් රාජකාරි කිරීමේදීත් කරන්නේ මහජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක්. විශේෂයෙන් අපරාධ නිවාරණය, මත්ද්‍රව්‍ය මැඬලීම, රථවාහන රාජකාරි වැනි ඒවායෙන් කරන්නේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම. ඒ වගේ රාජකාරි කරනකොට සමහර වෙලාවට සුළු සුළු අඩුපාඩුකම්, වැරදි, අත්වැරදි සිද්ධ වෙලා ඇති. ඒවා අවම කරගෙන, මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදියට කටයුතු කරන්න අවශ්‍ය උපදෙස් තමයි අපි පොලිසියට ලබාදෙන්නේ”

ප්‍රශ්නය – අපි දැකලා තියෙනවා උද්ඝෝෂණවලදී ගොඩක් දුරට පොලිසිය විසින් මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියලා කියනවා …

“ඒ සියලු රාජකාරි කරන්නෙත් මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන්න තමයි. එතකොට සමහර වෙලාවට මහපාරවල් අවහිර කළොත්, ඒ වගේම රථවාහන ගමනාගමනයට බාධ වුණොත් එහෙම ඒවාගෙනුත් කඩවෙන්නෙ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම්. ඒවා ආරක්ෂා කරදෙන්න තමයි පොලිසිය ක්‍රියා කරන්නෙ”

ප්‍රශ්නය – විරෝධතා පළකරන කට්ටියට ඉදිරියේදී මොනවද වෙන්නෙ ?

“කිසි ගැටලුවක් නැහැනෙ. සාමකාමීව පවත්වන උද්ඝෝෂණ, විරෝධතා, විවිධ රැස්වීම්වලට කිසිදු බාධාවක් පොලිසියෙන් කරන්නෙ නෑ. ඒ සම්බන්ධව මහජනතාවට තියෙන අයිතිවාසිකම උපරිම ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් කරනවා”

ප්‍රශ්නය – පවතින කාලගුණයත් එක්ක රිය අනතුරු වැඩිවෙලා තියෙනවා ?

“නත්තල් සමයත්, අලුත් අවුරුදු සමයත් එක්ක මහජනතාව වැඩි වශයෙන් සාදවලට එහෙම උත්සවලට, විනෝදාස්වාදය ලැබීම සඳහා නොයෙකුත් දේ වලට සහභාගී වෙනවා. එහිදී බීමත්ව රිය පැදවීම වගේ දේවල් වැඩිවෙනවා. එනිසා ඒ සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් විනයගරුක ලෙස රිය පදවමින් තමන්ගේ වටිනා ජීවිතය ආරක්ෂා කරගන්න තමන් සැලකිල්ලක් දක්වන්න. මොකද මහාමාර්ග අනතුරුවලට වැඩියෙන්ම හේතුවෙලා තියෙන්නෙ බීමත්කමවත් වෙනත් කරුණක්වත් නෙවෙයි නොසැලකිලිමත් ලෙස රිය පැදවීම”

දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...