VAT බද්ද වැඩි කිරීම අසාධාරණයි – විපක්ෂ නායක සජිත්

Date:

මෙරට VAT බද්ද වැඩි කිරීම අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. එහිදී 2020 රාජ්‍ය අකාර්යක්ෂමතාව මත රාජ්‍ය ආදායම බිඳ වැටී රට බංකොලොත් වීම මත රටේ මහජනතාවට උද්ගත වී ඇති තත්වය පිළිබඳව ද ඔහු සාකච්ඡා කළේය.

රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% සිට 8 % දක්වා අඩු වීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලේ ණය ලබාගැනීමේ අවස්ථාව අහිමි වූ බවත් අකාර්‍යක්ෂම මූල්‍ය පාලනයක් නිසා ඇති වී ඇති බදු ප්‍රතිපත්තිය ඔස්සේ මේ රටේ විශාල වශයෙන් බුද්ධි ගලනයක් සිදුවී ඇති බවත්, කථිකාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, පරිගණක ඉංජිනේරුවන් මේ රට හැර යාම නිසා ඇති වන පරිහානිය වළක්වා ගැනීමට නම් වෘත්තියවේදී සංවිධාන 47 ක් ඉදිරිපත් කර ඇති පරිදි සාධාරණ විනිවිද භාවයෙන් යුක්ත බදු සූත්‍රයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම පරාටේ නීතිය නිසා අගතියට පත්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට උද්ගත වී ඇති තත්වය මත ඔවුන්ගේ ජීවිත සරි කිරීමට අවශ්‍ය බව සහ රාජ්‍ය බැංකු ඉතා විශාල ආදායමක් මේ පරාටේ නීතිය හරහා ලබා ගත්තද,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත හුදු මානුෂීය,සුහද මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මේ රටේ බංකොලොත් භාවයට වගකිව යුතු දූෂිතයන්ගේ ධනය මේ රටේ ලක්ෂ 220 ක් වන මහ ජනතාවට බෙදා දිය යුතු බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙයක් නෑ කියන්නේ එච්චරකල් තියාගෙන ආපු ස්ටේටස්වලට මොකද වෙන්නේ? දයාසිරිගේ ප්‍රශ්නය!

කොළඹ LNW: ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය පසු ඔහුට ඉන්න නිවසක්...

නියෝජ්‍ය ඇමති වටගල කළ ප්‍රකාශයට වන්දි ඉල්ලා නාමල්ගෙන් රුපියල් බිලියනක එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : තමන්ට අපහාසයක් කළ...

නේපාලයේ විරෝධතාවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ අත්දැකීම

නේපාලයේ පවතින විරෝධතා මැද එරට රාජකාරී කරන ශ්‍රී ලාංකික...