පසුගිය පැය 24තුළ ගාසා තිරයේ මියගිය සංඛ්‍යාව 300ට ආසන්නයි; නොමැරී යටත් වෙන්න – නෙතන්යාහු

Date:

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා තමන් අල්ලා ගත් කිසිදු වහලෙකු තම ඉල්ලීම් ඉටු නොකළහොත් ගාසා තීරයෙන් පණපිටින් ඉතුරු නොකරන බවට හමාස් ප්‍රකාශක අබු ඔබෙයිදා අනතුරු ඇඟවීමත් සමඟ පසුගිය පැය 24 තුළ ඊශ්‍රයල හමුදාව විසින් දියත් කරන ලද ප්‍රහාර හේතුවෙන් ගාසා තිරයේ 397 දෙනෙකු මියගොස් 550 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

හමාස් අනතුරු ඇඟවීමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු ප්‍රකාශ කර තිබුණේ, නොමැරී යටත්වන ලෙසත් එසේ නොවන්නේ නම් එය හමාස් සංවිධානයේ අවසානයෙහි ආරම්භය වන බවත්ය.

66 වන දිනටත් අඛණ්ඩවම යුද්ධය ක්‍රියාත්මක වෙමින් පවතින අතර වටලනු ලැබූ භූමිය හරහා ඊශ්‍රායල වැටලීම් අඛණ්ඩව සිදු වූ අතර, උතුරු ගාසා තීරය ඇතුළුව, ගුවන් ප්‍රහාරවලින් මුළු අසල්වැසි ප්‍රදේශම සමතලා වී ඇති අතර සති හයකට වඩා වැඩි කාලයක් ක්‍රියාත්මක වන භට පිරිස් හමාස් සටන්කාමීන්ගේ දැඩි ප්‍රතිරෝධයට දිගටම මුහුණ දෙමින් සිටියි.


මේ වන විට ගාසා තිරයේ මිය ගිය සංඛ්‍යාව 18,000 ඉක්මවා ඇති අතර තුවාල ලැබුවන් නිශ්චිතව ගණන් බලා නොමැත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...