ලංකාවේ බිහිවූ බොහෝ ජනතාවාදී කලාකාරයන්ට තමන්ගේ කලා ජීවිතය අවසන්වන තෙක්ම තමන් ගමන ආරම්බකල සමාජ සත්තා යතාර්තවාදයෙන් ගැලවෙන්ට බැරි උනා..
ඒ නිසාම ඔවුන් ජීවිතකාලය පුරාම කල නිර්මාණ පුරාම දකින්ට ලැබුනේ කන්දෙන් නැගුන ගින්දර, පෝරකයේ සටහන්, ගුරුගීතය වගේ එකම වටෝරුවක කටපාඩම් සෝවියට්, ලතින් ඇමෙරිකානු නිරස අඬහැරය විතරයි..
සමාජ සත්තා යතාර්තවාදයේ මූලික රීතිය වන්නේ කලාව කොන්දේසි විරහිතව ස්ටලින් අනුව යන බොල්ෂෙවික් වාදයට සේවය කල යුතුය යන නියමයයි, ඇත්තෙන්ම ඒ නිසාම සමාජ සත්තා යතාර්තවාදී කලාව ස්ටාලින්වාදයේ කෘර විලංගුවක සිර උනා…
මේ නිසාම සමාජ සත්තා යථාර්ථවාදී කලා ශානරය පසුපස ගිය ලාංකීය කලාකරුවනුත් ගතානුගතික, අතීතකාමී, හා නීරස සාහිත්‍ය කෝවක හිර උනා..
ඒ අයට එහෙම උනේ ඒ අයට ඔවුන් වටා සිටි කුඩා වමේ බොල්ෂෙවික් කන්ඩායම් වලින් එහාට ඇඩ්‍රස් කරන්ට බැරිවීම නිසයි… ඒ අය පොතක් ලිව්වත් නාට්‍යයක් ලිව්වත් ඒකත් කරේ අර කුඩා ගතානුගතික බොල්ෂෙවික් කොටස ඉලක්ක කරගෙන..
මෙතනදි හඳගම මේ දූපතේ සුවිශේෂී කලාකාරයෙක් වෙන්නේ ඔහු ඔහුගේ ගමන පටන් ගන්නේ හෙණ, මාඝාත, වැනි සමාජසත්තායතාර්තවාදී නිර්මාණ තුලින් උනත් පසුව ඔහු ක්‍රමයෙන් “තනිතටුවෙන් පියාඹන්න”, “අක්ෂරය” “මේ මගේ සඳයි”වැනි නව්‍ය රැඩිකල් ප්‍රවේශ හරහා ගතානුගතික බොල්ෂෙවික් කලාව අතික්‍රමණය කරනවා..
එතනදි ඔහුගේ කලාව පළල් අභ්‍යාසයක් විදියට දූපතෙන් එහා ජාත්‍යන්තර සම්මානයටත් පාත්‍රවෙනවා..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN