කරන්න බැරි දේවල් කියන එකක් නෑ වහාම IMF යන්න – රනිල් යළි අවධාරණය කරයි

Date:

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින රටවල් හයක් මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් සිය අර්බුද විසඳා ගැනීම සඳහා සහාය ලබාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම කිසිදු රටකට අහිතකර හෝ ඉටුකළ නොහැකි කොන්දේසි පනවා නොමැති බවයි එජාප නායකයා අවධාරණය කරන්නේ.

ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහාද IMF හමුවට යාම හැර වෙනත් කිසිදු විකල්පයක් ඉතිරි වී නොමැති බව ඔහු පෙන්වා දෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදීද එජාප නායකයා ප්‍රකාශ කර තිබුණේ වහාම IMF හමුවට ගොස් ඩොලර් අර්බුදය විසඳා ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකාව සඳහා ණය ආධාර ලබාදීමේදී ඉටුකළ නොහැකි හෝ අහිතකර කොන්දේසි ඉදිරිපත් වනු ඇතැයි නොසිතන බවද වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ වනවිට රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා හෝ ප්‍රමාණවත් ඩොලර් සංචිත ශ්‍රී ලංකාව සතුව නොමැති අතර ඉන්ධන සඳහා සහනයක් ලබා ගැනීමට ආණ්ඩුව දැරූ සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී තිබෙනවා. මේ නිසා IMF හමුවට යාම හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවයි එජාප නායකයා අවධාරණය කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...