රුමේනියාවේ රැකියා දෙනවා කියලා මුදල් වංචා කරලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු විසින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගෙන ඇති අතර, එම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් ඊයේ (13) දින ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව ප්‍රදේශයේ පදිංචි කාර්යාංශ නිළධාරියෙකු විසින් මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් රවටා, රුමේනියාවේ රැකියාවක් ලබාදීම සඳහා ඇයගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන ඇත.

මුදල් ලබා දුන්නද, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම හේතුවෙන් එම කාන්තාව කාර්යාංශයේ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති අතර, එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අදාළ නිළධාරියා විමර්ශන අංශය වෙත කැඳවූ අවස්ථාවේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා වංචනික අයුරින් මුදල් අයකිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් ශරිර ඇප 2ක් හා රු.10,000 ක මුදල් ඇපයක් මත නිදහස් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

විදේශ රැකියා ජාවාරම්කරුවන්ට තරාතරම නොබලා දඩුවම් ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා උපදෙස් ලබාදී ඇති අතර, ඒ අනුව මේ වන විට වංචනික විදේශ රැකියා ආයතන වැටලීම් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පුළුල් කිරිමට කාර්යාංශය කටයුතු කර තිබේ.

කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ, විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...

ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...