යුද්ධය නවතනු! රුසියාව යුක්රේනයෙන් පිටවෙනු! නේටෝව එපා! ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා!

Date:

යුද්ධය නවතනු! රුසියාව යුක්රේනයෙන් පිටවෙනු!

නේටෝව එපා! ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා!

රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කර එහි අගනුවර වන කියෙව් දෙසට ගමන් කරමින් සිටිති. 200 ක් පමණවන මිය ගිය අය අතර ළමුන් සහ සිවිල් වැසියන් ද වන අතර 1,115 දෙනෙක් පමණ තුවාල ලැබූ බව වාර්තාවේ. රුසියානු ජනාධිපති පුටින් කියා සිටින්නේ මෙම යුද්ධය නැගෙනහිර යුක්රේනයේ බිහි කළ රුසියන් බස කථා කරන සමූහාණ්ඩුවල ජනතාව ආරක්ෂා කිරීමටත් ”මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ නව නාසිවරුන්” ලෙස පුටින් හඳුන්වන දක්ෂිණාංශික, බටහිර ගැති, යුක්‍රේන රජය ඉවත් කිරීමටත් බවය. මේවා අසාධාරණය යුක්ති සහගත කිරීම සඳහා කරණ ප්‍රකාශ බවත් මෙය අනවශ්‍ය සහ තේරුමක් නැති යුද්ධයක් බවත් අප සලකමු.

අධිරාජ්‍යවාදී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීම පිණිස එහි සාමාජිකත්වය සඳහා යුක්රේනය දිරිමත් කිරීම, මොස්කව් පාලනය කුපිත කළ බව සත්‍යයකි. සීතල යුද්ධයේ අවසානයෙන් පසුව සහ 1991 දී වෝර්සෝ ගිවිසුම විසුරුවා හැරීමෙන් පසු නේටෝවේ පැවැත්මට කිසිදු හේතුවක් නැත. එය විසුරුවා හැරිය යුතුය. නේටෝ හෝ වෙනත් විදේශීය හමුදාවක් යුක්රේනයට ඇතුළු විය යුතු නැත. අධිරාජ්‍යවාදය එහි දේශපාලන, ආර්ථික සහ මිලිටරි ප්‍රකාශනයන් සමග පැරදවිය යුතුමය.

කෙසේ වෙතත්, දැන් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අපි සැකයෙන් සිටිමු. ස්වාධීන රාජ්‍යයක් කලාපයේ බලවත්ම රට විසින් ආක්‍රමණය කර අත්පත් කරගෙන ඇත. මෙය රුසියානු ජනතාව සහ යුක්රේන ජනතාව අතර ගැටුමක් නොවේ. නූතන යුක්රේන ජනතාවගේ ස්වයංනිර්ණ අයිතිය උල්ලංඝනය වෙමින් පවතී.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දුර්වල ප්‍රකාශය පුදුමයට කරුණක් නොවේ. රුසියාව දිගු කලක් තිස්සේ ඒකාධිපති හා ජාතිවාදී රාජපක්ෂගේ ආධාරකරුවෙකි. ශ්‍රී ලංකා රජයට තමන්ගේම යුද අපරාධ ඉස්මතු වන ජාත්‍යන්තර සංසදවලදී රුසියාවේ රාජ්‍යතාන්ත්‍රික සහාය අවශ්‍ය වන බැවින්, මෙය පුදුමයක් නොවේ. පුටින් සහ ඔහුගේ මහා රුසියානු ස්වෝත්තමවාදය දිගු කලක සිට දක්ෂිණාංශික සිංහල ජාතිකවාදීන්ට ද ආදර්ශයක් වී ඇත. කෙසේ වෙතත්, යුක්රේනය ශ්‍රී ලංකාව සමඟ ද සමීප සබඳතා පවත්වයි. දශක ගණනාවක් ශ්‍රී ලාංකිකයන් එහි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබා ඇත. යුක්රේනය අපේ ප්‍රධාන කෘෂිකාර්මික අපනයනය වන තේ වල ප්‍රධාන ගැණුම්කරුවෙකි. ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන තුන්වන විශාලතම රට යුක්‍රේනය වේ.

ශ්‍රී ලංකාවේ “සමාජවාදී ජනතා සංසදය“ යුක්‍රේනයේ ප්‍රචණ්ඩත්වය, ලේ වැගිරීම් වහාම නවතන ලෙස ඉල්ලා සිටී. රුසියාව සිය හමුදා ආපසු තම භූමියට කැඳවා ගත යුතුය. පුටින්ගේ ඒකාධිපති සහ මිනීමරු පාලනය යටතේ රුසියානු ජනතාව ගෙන යන යුද විරෝධී පෙළපාලි සහ විරෝධතාවලට අපි ආචාර කරමු.

ලෝකය පුරා මෙම යුද්ධයට එරෙහිව විරෝධතා සංවිධානය කරන ලෙස අපි වැඩකරන ජනතාවගෙන්, වෘත්තීය සමිතිවලින් සහ අනෙකුත් සංවිධානවලින් සහ වාමාංශික පක්‍ෂවලින් ඉල්ලා සිටිමු. එසේම ඇෆ්ගනිස්ථානය, කාශ්මීරය, ඉතියෝපියාව, පලස්තීනය සහ යේමනය ඇතුළු ලොව පුරාම කෙරෙන යුද්ධවලට එරෙහිව ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනගමු. සියලුම යුද්ධයන් වහාම නවතනු!

ඉස්ලාමීය මූලධර්මවාදයේ ප්‍රතිගාමී බලවේග පමණක් ශක්තිමත් කළ 1970 ගණන්වල සෝවියට් සංගමය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් උගත් කටුක පාඩම් රුසියාව මේ මොහොතේ සිහිපත් කළ යුතුය. එලෙසම, රුසියාවේ වත්මන් ආක්‍රමණය යුක්රේනයේ අන්ත දක්ෂිණාංශය ශක්තිමත් කරනු ඇත.

රුසියාව යුක්රේනයෙන් පිටවෙනු!  යුක්රේන ජනතාවට අපේ සහාය!

නීල් විජේතිලක සහ කේ ගෝවින්දන්

සමාජවාදී ජනතා සංසදය

කොළඹ – 2022 පෙබරවාරි 26

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...