යුක්තිය මෙහෙයුමෙන් 2000ක් පොලිස් දැලේ!

කොළඹ LNW:ඊයේ (17 )දිනයේ ආරම්භ කළ ”යුක්තිය” විශේෂ මෙහෙයුමේ දී ගතවු පැය 24ක කාලය තුළ සැකකරුවන් දෙදහස් එකසිය විසිඑක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත දිවයින පුරා මෙම වැටලීම් සිදුකෙරුණි.

එය ක්‍රියාත්මක වුණේ අපරාධකල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණෙනි.

එම මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්,ගංජා,ඈෂ්,මාවා ඇතුළු මත්ද්‍රව්‍ය තොග විශාල ප්‍රමාණයක් සෙයා ගැනීමටද පොලීසියට හැකි වී ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 2,121 දෙනාගෙන් 12 දෙනෙකු රැදවුම් නියෝග ලැබූවන් බව සඳහන්.

තවද සැකකරුවන් පස් දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

පුනරුත්ථාපනය සදහා පුද්ගලයින් 153 දෙනෙකු යොමු කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 116 දෙනෙකු ද අත්අඩංගුවට පත්වූවන් අතර වන බව පොලීසිය කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...