*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

වසර 09 කට පසු අත්හැර දමා තිබූ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය විවෘත වේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හෙට (19) දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් , මරඳගහමුල සුළු සහ මධ්‍යම පරිමාණයේ සහල් ව්‍යාපාරයෙහි නිරත ව්‍යපාරිකයන් වෙනුවෙන් ඉදිකර වසර නවයකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය විවෘත වීමට නියමිතයි.

මරඳගහමුල නගරය සහල් තොඟ වෙළඳාම සදහා මෙරට ප්‍රසිද්ධ නගරයකි. මෙරට තුළ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ව්‍යාපාරික ප්‍රජාවක් සිටින එකම ස්ථානය මරඳගහමුලයි. 1977 වසරේ සිට මේ දක්වා සහල් ව්‍යාපාරකයින් දුෂ්කරතා රැසක් මැද තම ව්‍යාපාරික කටයුතු මරඳගහමුලනගරයේ සිදු කරයි. එහෙත් සහල් අලෙවිය සඳහා පහසුකම් සහිත නියමිත ස්ථානයක් නොපැවතීම සහ සහල් ගබඩා කිරීමේ ස්ථානයක් නොපැවතීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත් ව සිටියහ.

පුද්ගලික අංශය සතුව පවතින මෙරටසහල් ඒකාධිකාරිය බිඳ දැමීමේ අරමුණින් මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි. ඒ 2014 වසරේදී ක්‍රියාත්මක කරනු ලැබූ දිවිනැඟුම ව්‍යාපෘතිය මගිනි.

නමුත් යහපාලන රජය යටතේ ක්‍රියාත්මකවූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2015 වසරේදී අහෝසිකරනු ලැබිණ. ඒ සමඟම පසුගිය වසර නවයක කාලය පුරාම මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය වල් බිහි වෙමින් තිබුණි.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීමෙන් මෙම ගබඩා සංකීර්ණය නැවත පිළිසකර කෙරිණ. මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානයේ සියලුම වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලාඅමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම වසරේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබුණි.

මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය පිහිටි ඉඩම අක්කර දෙකක පමණ විශාලත්වයකින් යුතුය.  වෙළඳ කුටි 115 න් පමණ සමන්විත මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 459 මුදලක් වැයවූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. ගබඩා සංකීර්ණයේ වී මෙක්ට්‍රික් ටොන් 75,000ක් පමණ ගබඩා කිරීමට පහසුකම් ඇත. වී අළවි මණ්ඩලය යටතේ පවතින එම ගබඩා දෙකද මේ වනතෙක් කිසිඳු ප්‍රයෝජනයක් ගෙන නැති බවට වෙළෙඳුන් චෝදනා කරයි. මෙම ගබඩා සංකීර්ණය ලබන මහ කන්නයේ සිට වී ගබඩා කිරීමට බස්නාහිර පළාත් සමූපාකාර දෙපාර්තමේන්තුවට ලබාදෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

ඒ පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි. මරඳගහමුල විශේෂිත තොඟ වෙළඳ මධ්‍යස්ථානය හෙට (19) ජනතා අයිතියට පත් පත් කිරීමෙන් පසුව එය දිනපතා පෙරවරු 5.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව තැබීමට නියමිතය.

සහල් ඇතුළු අත්‍යාවශ්‍යආහාර ද්‍රව්‍ය සියල්ල මෙතැනින් ලබා ගැනීමට තොඟ වෙළඳුන්ට අවස්ථාව හිමි වේ. ඔවුන්ට අවශ්‍ය වාහන ගාල් කිරීමේ පහසුකම් හා පොදු පහසුකම් සියල්ලන්ගෙන්ම මෙම මධ්‍යස්ථානය සමන්විත වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan