*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

2024 දී කෘතගුණ සලකන්න – වජිර ප්‍රචාරක මෙහෙයුම් ආරම්භ කරයි!

කොළඹ LNW: ජාතියක් ලෙස කුඩු වෙලා තිබුණු රටක් වත්මන් ජනාධිපතිවරයා විසින් ගොඩගත් අතර ඔහු මැතිවරණ 70 ක් පමණ කර තිබෙන බවත් ඉදිරි වසර 12ක් වික්‍රමසිංහ මහතා විසින් රට පාලනය කළ හොත් මේ රට ලොව දැවැන්ත රටක් බවට පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවේදීය.

මීට පෙරද වික්‍රමසිංහ මහතා බලයට පත්වීම වළක්වන ලද්දේ විදේශ බලවේග වන අතර අදටත් ඒවා ක්‍රියාත්මක බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

විදේශයන් සමඟ පැවති සකච්ජාවලදීද ජනාධිපතිවරයා සිටගත්තේ තමන්ගේ රටේ පැත්තේ බව ද අබේවර්ධන මහතා කියාසිටියේය.

ඒ අනුව 2024දී ජනතාව ඊට කෘතගුණ සැලකිය යුතු වන බව හෙතම පැවසුවේය.

”බංකොලොත් වූ රට ගොඩගත්ත ජාතියේ නායකයාට අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ. බොරු ප්‍රචාර ගිය නිසා අපි වැටුණා. රටත් බංකොලොත් වුණා. 2020 ඉදලා රටේ ජාතික උත්සව පැවැත්වීමට බැරි වුණා. බොරු කියපු නිසා මුලුමහත් ජාතියක් අපහසුතාවයට පත් වුණා. විරුද්ධ පක්ෂ භාර ගත්තේ නෑ මගඇරියා. ගෑස් තෙල් නැව් එද්දි අත්පුඩි ගහන තත්ත්වයට රට පත් වෙලා තිබුණේ. ඊට පස්සෙ රටේ නායකත්වය ජනාධිපතිතුමා භාර ගත්තා.

මේ වගේ බංකොලොත් රටක් මෙතරම් ඉක්මණට යථාතත්ත්වයට පත් කරලා එතනින් නැවතුනේ නෑ. රටවල්වල බලවත් නායකයන් මුණ ගැහිලා සමාජය බල ගන්නවන්න ක්‍රියාමාර්ගය ගත්තා. නිදහසෙන් පස්සෙ අවුරුදු 75 ක් අපි පිකටින් කලේ. ඒ හරහා කෝටි ගානක් වියදම් කරලා තිබෙනවා. හොරා හොරා කියන්න දෙයක් නෑ දැන් වැරදි පාලනය කරන්න නිතිරීති පද්ධතියක් හදලා තියෙනවා. බොරු දේශපාලනය පාඨ මින් ඉදිරියට පවසන්න බෑ. ජනතා නියෝජිතයෙක් පත් කරන්නේ මුදල් පාලනය කරන්න. මහජනයාගේ මූලික අවශ්‍යතා ඉටු කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. තවත් බිමට ඇදලා දාන්න හැදුවොත් ආයේ අහිගුණ්කටක රටක් වෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan