”පොරොන්දු ඉටුකරන්න” – පාසල් සංවර්ධන නිලධාරීන් උද්ඝෝෂණයේ!

Date:

කොළඹ LNW:පාසල් සංවර්ධන නිලධාරීන් වහාම ගුරු සේවයට අන්තර්ග්‍රහණ කරන ලෙස බලකරමින් අද (18) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විය.

සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව විසිනුයි එය සංවිධානය කර තිබුණේ.

උපාධිධාරීන් වන මෙම පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන බවට බලධාරීන් ප්‍රකාශ කර තිබුණද ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීම කල්දමමින් සිටින බවටයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ.

ඒ අනුව වහාම ඒ සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නා ලෙසයි ඔවුන් බලධාරීන්ට බලකර සිටියේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...