ලංකාවට ජයග්‍රාහී මතක සහිත ගෝල්ෆ් ක්‍රීඩාවේ ජාතික කණිෂ්ඨ විවෘත තරගාවලිය 20 ඇරඹෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා ගෝල්ෆ් ක්‍රීඩාව සංවිධානාත්මක විදිහට ආරම්භ වී තිබෙන්නේ 1946 වසරේදි යි.සුදු අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රිඩාවක් විදිහට ඊට පෙර සිටම පැවතුණ ද එය සංගමයක් ආකාරයට මේ පොළවේ ස්ථාපිත වන්නේ නිදහසට දෙවසරකට පෙරයි.එහෙත් ක්‍රීඩාවක් හැටියට යම් කිසි පංතියක අයිතියකට නතුව තිබුණත් ඒ සමඟ ගැවසෙන පහළ මධ්‍යම පංතියේ මිනිසුන් ලෝකයට රැඟෙන යන්නට ගොල්ෆ් ක්‍රීඩාවට හැකි වී තිබෙනවා.ඒ වෘතිකයන් හැටියට ධනවතුන්ගේ ගෝල්ෆ් ක්‍රීඩාවට ආවතේවකරුවන් හැටියට සම්බන්ධ වන පිරිස් ඔවුන්ගේ ආශිර්වාදය ඇතුව ආරම්භ කරපු ගෝල්ෆ් ක්‍රීඩාවෙන් පසුව ශ්‍රී ලංකාවට ලෝකය ඉදිරියේ කීර්තිමත් නමක් ඇති කර තිබෙනවා.


ඒ නිසා ධනවතුන්ගේ ආධිපත්‍යයට යටත් වි තිබෙන බව කීමට වඩා ඔවුන්ගේ ආදරය සහ ආශිර්වාදය පහළ පංතියේ මිනිසුන්ගේ හැකියාවන් ඔප දැමීම උදෙසා ගලා ආ අවස්ථාවන් නිරූපණය කරන ක්‍රීඩාවක් විදිහට ගෝල්ෆ් හැඳින්විය හැකියි.මිල අධික කාලය විශාල වශයෙන් වැය කළ යුතු ක්‍රීඩාවක් නිසා එදා වේල සරිකර ගන්නා මිනිසුන්ට ඒ වෙනුවෙන් වැය කරන්නට මුදල් හෝ කාලය පිළිබඳව සිතීමට අපහසුයි.සැතපුම් ගණනක් ආවරණය වන ඉඩක් ඊට අවශ්‍යය වීමත් මෙහිදී සැළකිල්ලට ගත යුතුයි.
අද වන විට විදේශයන්ගෙන් ගේන තෘණවර්ග මෙන්ම ලංකාවේදී යම් තෘණවර්ග මුහු කර කරන නිෂ්පාදන වගේම ඒවා විශේෂ කොට වගා කරන ව්‍යාපෘතිත් ගොල්ෆ් හරහා ක්‍රියාත්මක වන බවක් දැකිය හැකියි.ඒ සියල්ලෙන් පැහැදිළි වන්නේ සාමාන්‍ය ජනතාවට සමීපවීමට අසීරු දුරකින් ගොල්ෆ් පවතින බවයි.එහෙත් එහි ඇති අවශේෂ රැකියාවන් සඳහා ලැබෙන ඉඩ මෙන්ම ඒ හරහා ගොල්ෆ් හදුනාගන්නටත්,තමන් සේවය සපයන පිරිසගේ කරුණාවේ සහ අවධානයේ පරිමාව අනුව තීරණය වන සැළකිලි අනුවත් ගොල්ෆ් ක්‍රීඩාවට ඇදී ආ නන්දසේන පෙරේරාගේ සිට අනුර රෝහණ,මිතුන් පෙරේරා,එන් තංගරාජා වැනි බොහෝ පිරිස් ගොල්ෆ් ආර්ථිකයට සාපේක්ෂව සළකා බලන කළ ක්‍රිඩාවක් හැටියට ගොල්ෆ් ක්‍රීඩාවට දුරස්ථ පවුල් පසුබිමක ඇති එහෙත් එවැනි සමීප විය හැකි මිනිසුන්ගේ ආදරය උපකාරය සහ ආශිර්වාදය ඇතුව සුවිශාල ජයග්‍රහණ උපයා ගත් ගොල්ෆ් ක්‍රීඩාවේ දක්ෂයෝය.


මේ ඉහත කරුණ වැදගත් කොට සටහන් කළේ ප්‍රීමා සන්රයිස් සන්නාමය යටතේ දෙසැම්බර් 20 – 22 පැවත්වෙන ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් තරගාවලිය ගැන සිහි කැදවීමටයි.කොළඹ රාජකීය ගොල්ෆ් පිටිය කේන්ද්‍ර කරගෙන පැවත්වෙන දේශීය තරගකරුවන් පමණක් නොවන,විදේශීය තරගකරුවන් 10 දෙනෙක් පමණ ද සහභාගි වන ජාත්‍යන්තර පිළිගැනීමක් සහ අවධානයක් සහිත තරගාවලියක්ය.ඒ නිසාම මේ තරගාවලියේ කණිෂ්ඨ සූරතාවයන් දිනන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ගොල්ෆ් කණීෂ්ඨ සූරයා සූරිය ශ්‍රේණිගත කිරීම්වලට ද ඇතුළත් වීමට අවස්ථාව හිමි වන්නේය.


රන් රිදී සහ ලෝකඩ අංශ ලෙස වෙන් කර තිබෙන මෙම තරගාවලියේ තරග අංශවලදී අවුරුදු 19 න් පහළ තරග අංශය රන් ලෙසත්,අවුරුදු 15 න් පහළ තරග අංශය රිදී ලෙසත් මෙන්ම අවුරුදු 13 න් පහළ අංශ්‍ය ලෝකඩ ලෙස හදුන්වා ඇත.අවුරුදු 10 න් පහළ තරග අංශය තඹ තරග අංශය ලෙස හඳුන්වා ඇත.
රන් සහ රිදී අංශවල දක්ෂතාවයන්ට ජාත්‍යන්තර ලකුණු ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියට ඇතුළත්වීමට හැකයාව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...