නිදහසේ 8 වගේම ආණ්ඩුවේ මැති ඇමති 25 ක් සමගි ජන බලවේගයට ??

Date:

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතුව තිබුණු නිදහස ජනතා සභාව මේ වෙනකොට කෑලි කෑලි කැඩිලා. එතනින් ජී. එල්. පීරිස්, නාලක ගොඩහේවා ඇතුළු 8 දෙනෙක් සමගි ජන බලවේගයට එකතු වෙන්න සූදානම් ලු. ඔවුන් කීපදෙනෙක් ඒ බව ප්‍රසිද්ධියේමත් කියනවා දැන්.

ඩලස්ගෙ උත්සාහය කොහොම හරි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සෙට් වෙන්න ලු. ඕක කෙරෙන වැඩක් නෙවෙයි කියලා කොතෙකුත් පේන්න තිබුණත් අවසාන මොහොතේදී හරි තමන්ට චාන්ස් එකක් ඒවි කියන බලාපොරොත්තුවෙන් ලු ඩලස් ඉන්නේ.

ඔය අතරේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 25 දෙනෙක් සජබට එකතුවෙන්න නියමිතයි කියලා සුජීව සේනසිංහ මාධ්‍යවලට කියලා තියෙනවා. සජබ සන්ධානය පිහිටුවීමේ වැඩවල ලොකු වගකීමක් සුජීවට පක්ෂයෙන් පවරලා කියලාත් ආරංචියි. එහෙම බැලුවාම ඉලක්කම්වල වෙනස්කම් තියෙන්න පුළුවන් වුණත් ඔය කතාවේ ඇත්තක් තියෙන්නත් ඉඩ තියෙනවා.

රොෂාන් රණසිංහ, දයාසිරි ජයසේකර වගේ අයත් මේ වෙනකොට සජබත් එක්ක සාකච්ඡා පටන් අරන් ලු.

කොහොම වුණත් 2024 කියන්නේ මැතිවරණ වසරක්. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩදෙනෙකුට ප්‍රශ්නය වෙලා තියෙන්නේ මීළඟ මහ මැතිවරණයේදී තමන්ගේ ආසනය බේරාගන්න එක. ආණ්ඩුව පැත්තෙන් මිනිස්සුන්ට වැටෙන පීඩනය වැඩිවෙනවා නම් විපක්ෂයට හේත්තු වෙන එක තමයි ඔය බොහෝදෙනෙකුට ඉතුරු විකල්පය වෙන්නේ.

සිද්ධ වෙන දේවල් ගැන හරියටම කියන්න තාම කල් වැඩියි. බලාගෙන ඉන්නයි තියෙන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...