*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

පෞද්ගලික අංශයේ ණය දෙගුණ වෙලා!

ගතවූ වසරක කාලය තුළ පෞද්ගලික අංශයේ ණය ලබා ගැනීම් දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම තාවකාලික දත්ත වලට අනුව 2020 වර්ෂයේ පෞද්ගලික අංශය ලබා ගත් මුළු ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 374 ට සාපේක්ෂව, ඉකුත් දෙසැම්බර් මාසය තුළ පමණක් රුපියල් බිලියන 61 ක ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර, ඒ අනුව 2021 වර්ෂය තුළ ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 811 කි.

2021 වර්ෂය අවසාන වන විට පෞද්ගලික අංශයට ගෙවිය යුතු සමුච්චිත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 07 කට ආසන්න (රු. ට්‍රිලියන 6.981) අගයක් වන අතර එය 2020 අවසානයට සාපේක්ෂව සියයට 13 ක ඉහළ යාමකි.  

2020 වර්ෂයේ දී පෞද්ගලික අංශයේ ණය ප්‍රමාණය (රු. බිලියන 374) සියයට 6.5 ක ඉහළ යාමක් වන අතර, එය 2019 වර්ෂයේ දී රුපියල් ට්‍රිලියන 6 කට සියයට 4.2 ක ඉහළ යාමකි.

මෙසේ ණය ලබා ගැනීම් ඉහළ යාමට හේතු වී ඇත්තේ 2021 වර්ෂයේ සැලකිය යුතු කොටසක් සඳහා පැවති අඩු පොලී අනුපාත තන්ත්‍රය හා පශ්චාත් කොවිඩ් කාලය තුළ රට වසා තැබීමෙන් අනතුරුව යළි විවෘත කොට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමයි.

කෙසේවෙතත්, ඉකුත් වර්ෂයේ අගෝස්තු මස වන විට මහ බැංකුව විසින් පැනවූ මූල්‍ය ප්‍රතිපත්තියට සමාගාමීව පොලී අනුපාත ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, පසුව මෙම වර්ෂයේ ජනවාරි මස වන විට ප්‍රතිපත්ති අනුපාත පදනම් ලකුණු 50 කින් ඉහළ නැංවිය.

කෙසේ වෙතත්, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මහ බැංකුවේ අර්ධ දැඩි මූල්‍ය ප්‍රතිපත්තියට සමගාමීව පොලී අනුපාත ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර පසුව මේ වසරේ ජනවාරි මාසයේදී ප්‍රතිපත්ති අනුපාත (policy rates) පදනම් ලකුණු (basis points) 50 කින් ඉහළ නැංවීය.

තැන්පතු අනුපාත ඇතුළු පොලී අනුපාත ඉහළ යාමේ අවශ්‍යතාවය මහ බැංකුව විසින් පෙන්වා දී තිබූ අතර, එමඟින් ඉතුරුම් දිරිමත් කිරීම සිදුවේ. එමෙන්ම, ආනයනය කළ ඉන්ධන ඇතුළු අධිපරිභෝජනය අධෛර්‍යමත් කිරීම ද සිදුවේ.
මුදල් ප්‍රතිපත්තියේ ඉදිරි භාවිතය සහ පොලී අනුපාත පිළිබඳව එළඹෙන බ්‍රහස්පතින්දා දින පැවැත්වීමට නියමිත මුදල් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව දැනගත හැකිවනු ඇත.

ද්විතියික වෙළඳපොලේ වෙන්දේසි ප්‍රතිඵලය අනුව වසර තුනක බැඳුම්කර කල්පිරීමේ ආදායම සියයට 13 කින් ඉහළ ගොස් ඇති බව වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස් පෙන්වා දෙයි.

මෙම ඉහළ යාම සිදුව ඇත්තේ 2017 මාර්තු මාසයෙන් පසු පළමු වරටයි. 
වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස් ට අනුව, 2025.08.01 දිනට යෙදෙන තෙවසරක කල්පිරීම එහි පූර්ව-වෙන්දේසි (pre-auction) ආදායම වූ 11.15/25 ට සාපේක්ෂව සියය‍ට 12.25 ක සාමාන්‍යයක් වාර්තා කළ අතර, 2033.01.15 දිනට යෙදෙන 11-වසරක කල්පිරීම එහි පූර්ව වෙන්දේසි ආදායම වූ 12.90/05 ට සාපේක්ෂව සියයට 12.25 ක සාමාන්‍යයකි.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan