*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

විඳුරගේ දුෂ්ට රංගනය වේදිකා ගත කරමින්,පරාක්‍රම බැස යයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): පරාක්‍රම නිරිඇල්ල විඳුර වික්‍රමනායක පහසුවට සහ තමන්ව විකුණා ගැනීම පහසු කරනු පිණිස අඳින සරමේ ගැටේ හොඳටම බුරුල් කරලා රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ඇමතීමෙන් පසුව වේදිකාවෙන් බැස ගියා.ඒ රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය විසින් ජීවිතයෙ එක් වරක් පමණක් පුදන සම්මානය සඳහා ඔවුන් නිර්දේශ කර තිබුණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධනගේ නම කපා දැමීමට අමාත්‍යවරයා මැදිහත්ව තිබීම නිසා.


ඩග්ලස් සිර්වර්ධන පරම්පරා ගණනාවකට නාට්‍ය උගන්වපු පුද්ගලයෙක්.ලංකාවෙ හතර අතේ විහිඳුණු ඔහුගේ ගෝලයො ඉන්නෙ ඒ විදිහට ඔහු ලංකාවෙ හතර අතේ නාට්‍ය පාඨමාලා වෙනුවෙන් ඇවිද්ද නිසා.ඒ වගේම සුබ සැන්දෑවක්,හිට්ලර් වැනි නාට්‍ය නිර්මාණ යම් ආකාරයකට සිංහල වේදිකා නාට්‍ය අතරේ සළකුණු හැටියට තබන්නත් පුළුවන්.ඒ වගේම ඔහු යෞවන නාට්‍ය උළෙල විශේෂ කර ගත් ලංකාවේ බොහෝ ජාතික මට්ටමේ නාට්‍ය උළෙලවල විනිශ්චයකරුවෙක් හැටියටත් වැඩ කරලා තියෙනවා.


මේ හැම භුමිකාවක් ඇතුළෙම ඔහු සුදු චරිතයක් හැටියට බැබලුණු බව කියන්න බැහැ.ඇතැම් අවස්ථාවල ඔහුගේ දේශපාලනඥයාගේ සැබෑ ජීවිතයේ භූමිකාවට අදාළ සංස්කෘතිය පතුරු යන කොට,ඒ නාට්‍ය සම්මානවලට තබා අවසාන වටයටවත් නොපැමිණ ඉවතට යාමට හේතු වුණේ ඩග්ලස් සිරිවර්ධනයි.ඔහු දේශපාලනඥයාගේ භූමිකාවට සැබෑ ජීවිතයේ සපැමිණීමත් සමඟ තැවරී තිබුණු කළු පැල්ලම්වල පරිමාව වැඩි කර ගත්තා.ඒත් ඔහු සම්මානයක් දීමේදී ප්‍රතික්ෂේප කළ නොහැකි සාධනීය ගති ලක්ෂව ඇති නාට්‍යකරුවෙක් කියන කාරණය කිසිම විදිහකට ප්‍රතික්ෂේප කරන්නත් බැහැ.


පරාක්‍රම ලංකාවේ නාට්‍ය කලාවට තදින් බලපෑම් කරන ලද නාට්‍යකරුවන් රැසකගේ තොතැන්නක් වුණ 80 නාට්‍ය කණ්ඩායමේ දී ඒ මහා සත්කාර්යයට උර දුන්න ගමන් සගයෙක් හැටියට ඩග්ලස් ගැන හොදින්ම දන්නවා.සමහර වෙලාවට පරාක්‍රම දේශපාලනමය වශයෙන් මිට පෙරත් චන්ද්‍රිකා රජය යටතේ යම් යම් කලාමය වගකීම්වලට උර තිබ්බෙ ඩග්ලස්ගේ රෙකරමාදුව යටතේ වෙන්නත් පුළුවන්.හැබැයි ඒ කිසිම තැනක අසාධාරණ විදිහට බඩ වඩා ගැනීම් සම්බන්ධ චෝදනා නැති පරාක්‍රම ඩග්ලස් තෝරන්න යාළුකම හේතුවක් කර ගත්තෙ නැහැ කියලා කියන්න බැරි වුණත්,ඒ තීරණය වැරදි නැහැ කියන තැන පෙනී සිටිමට සාධාරණ හේතු ඕනි තරම් ඉතිහාසයෙන් සොයා ගන්නට හැකියි.


කොහොම හරි මේ සිදුවීම් ජාලය ඔස්සෙ සංස්කෘතික ඇමති විදිහට විදුර වික්‍රමනායකගෙ සරල දහ නිහතමානී ප්‍රතිරූපය නිරුවත්වීම ගැන කියන්න තියෙන්නෙ මරු කියලා.පරාක්‍රම සහ එම අනු මණ්ඩලය මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල සම්බන්ධයෙන් කරන ලද වැඩ මුළුවෙදි ඔහු සහ තරංග දන්දෙණිය අනු මණ්ඩල සාමාජිකයින් ලෙස කරන ලද කතාවලදි මේ දක්වා ලංකාවෙ නාට්‍යකරුවන් බලාපොරොත්තු වුණු බොහෝ දේ සඳහා ශක්තිමත් පදනමක් ගොඩ නැඟීමේ සැළසුම් හෙළිදරව් වුණා. නමුත් තරංග සහ පරාක්‍රම නවීන වෙද්දි එහි හිටපු චන්ද්‍රසිරි බෝගමුවලා දැක් වුවේ වෙනම අදහසක්.ඒ ගැන පරාක්‍රමට පෞද්ගලිකවම කිව්වා වගේම මට තිබුණෙ අලුත් වෙන්න මේ පරණ ඔළු අස්සෙ මොන වගෙ ඉඩක් තරංගලට පරාක්‍රමලට තියෙයිද කියන සැකය.


මේ රාජ්‍යමය පද්ධති සංතෘප්ත කරන දේශපාලන නැමුම්කරුවන් කියන්නෙ ඕනිම දේශපාලක පදයකට නටන්න පුළුවන් තිරසාර නැට්ටුවො.කවුරු ආවත් කුමන හෝ මණ්ඩලයක සිට ඒ පද අනුව සැලෙන ඔවුන්ගේ ආත්ම පරාක්‍රමට දැනෙන සංවේගයට නතු ඒවා නෙමෙයි.ඔවුන් පරාක්‍රමගෙන් හිස්වන අසුනට හෙට සිටම පොර බඳයි.ඒක තමයි ඇත්ත.මේ සිඳුවීමෙන් රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයක් පත් කර ගන්න ඇමතිට හෝ ජනාධිපතිට බැරි වෙයිද? එතැන තමයි මේ අරගල දියවෙලා අලුත් නොවී පරණ පිළුණු දුගදම හමන්න හේතුව.සංස්කෘතික අධ්‍යක්ෂ තනතුරේ සමහර විට නැසීගිය විජිත කණුගල වගේ කෙනෙක් හරි අනූෂා ගෝකුල වගෙ කෙනෙක් හරි හිටියනම් පරාක්‍රමලගේ තීරණය වෙනුවෙන් සටන් කරයි.ඩග්ලස් වේදිකාවටත් නඟියි.නමුත් සංස්කෘතික අධ්‍යක්ෂවරයා කියන්නෙ නිශ්චිත අධ්‍යාපන සුදුසුකම් ප්‍රමාණයක් එක්ක සිවිල් පරිපාලන විභාගය සමත්වීම සළකා බලා තනතුරට පත් කරන කෙනෙක් මිස ලේඛණයේ දී හෝ කලාවේදී කෙතරම් ප්‍රායෝගික මනුස්සෙක්ද කියා සළකා බලන්නේ නැහැ.


ඇමති විදුර මීට පෙර දහම් පාසල් ආශ්‍රිතව දහම් කරුණුවලට අදාළව නාට්‍ය නිර්මාණ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙන් ඒ විෂය පථයට අදාළව යෝජනාවක් ආවම කපා හැරිය මනුස්සෙක්.ඒක වැඩක් නැති වැඩක් හැටියට පැත්තකට කරපු මේ සරල නිහතමානි බව පෙන්වන සරම මහිත භාහිර හැඩය උනා දමා, පරාක්‍රම ඔහුගේ මුග්ධ සහ උද්දච්ඡ විදිහට බලය හසුරුවන ආකාරය මතු කරපු එක මාරයි.ඒත් සමහර විට මේ සිදුවීම විදුරගේ දේශපාලනයේදී ඔහුගේ ආධාරකරුවන්ට මාර හයියක් වෙන්න පුළුවන්.ඩග්ලස් සහ විදුර එකම දේශපාලන කදවුරක ආසන්න මැතිවරණ කොට්ඨාශ දෙකක දේශපානවය කරන මිනිස්සු.මේ කැපී යාමට හේතුව ඒ කදවුර ඇතුළෙ ඔවුන් දෙදෙනා තුළ තිබෙන විරසකයක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.
කෙසේ නමුත් පරාක්‍රම නිරිඇල්ල දේශපාලනය ඇතුළෙ ඡන්දදායකයා සබුද්ධිමත් සහ සංවේදී චරිතයක්නම් මීට පෙර විදුරගේ රගපෑම් හොඳට තේරුම් ගනියි.වරන්වර ආණ්ඩු විසින් ගේන ගොන් පාට්වලට කේසර නාද පවත්වන න්‍යායෙන් කර ඇත්තේ උම්බෑ කීම බව පසක් කරමින් තීරණාත්මන මොහොතවල ඔහු විරුද්ධයි පෙන් වූ තීරණයට පක්ෂපාතිවීම සහ ඒවා මෙහෙයවීම දකින්නට පුළුවන්.ඒ විදුරගේ රැවටීම සහ දුෂ්ඨ හැසිරීම පෙන්වමින් පරාක්‍රම අධ්‍යක්ෂණය කළ නාට්‍ය තමයි මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය.එහෙත් රනිල් ට විදුර සරම ඇදගත්තු වීරයෙක් නෙමෙයි.තමන්ගේ දේශපාලන වැජ කරගන්න කාර්යාල කාර්ය සහයකයෙක් විතරයි.ඔහු රනිල්ගේ ප්‍රධානම විරුද්ධවාදීයා හැටියට වැඩි පාර්ලිමේන්තු බලයක් සහිත සජිත්ගේ ඇමතිකම් කළ කාලයේ කළ කී දේ හොයාගන්න පාවිච්චි කරන විදුර,ඒ වැඩේ කරන ගමන් නාට්‍ය කලාවට හෝ කුමන හෝ සංස්කෘතික විෂයකට හෝ ඒ සම්බන්ධ පුද්ගලයෙකුට හානි කළත් රනිල්ට අදාළ වන්නේ නැහැ.විදුර රනිල් බලාපොරොත්තු වන වැඩේට අවශ්‍යය සහයෝගය හොඳින් ලබා දෙන්න කැපී වී වැඩ කරනවා.විදුරටත් සංස්කෘතිය ගොඩ දාන්න අවශ්‍යය නැහැ.ඔහුට තියෙන්නෙ රනිල් පවරපු වැඩේ කරලා ඔහුව පිනවීම සහ ඒ හරහා අවශ්‍යය දේශපාලන වරදාන සහ වරප්‍රසාද ලබා ගැනීම.


සංජිව ස්ටැනිලියෝස් අමු සිංදුව කිව්ව සෙරෙප්පු දෙක ගලවලා ඉරිච්චි ඩෙනිම වෙන බ්‍රෑන්ඩඩ් වර්ගයකට මාරු කරලා කාර් එකක් ගත්තම දැනෙන හැඟීම විදුර ඉස්සරට වඩා වෙනස් වෙලා කියන දේ පිංතූරයෙන් බලලා විඳින්නත් බැහැ.එහෙම දැන්වත් දැනෙනවද බලන්න සමාජයට විදීම දුන්න මිනිහෙක් තමන්ගේ බලය යොදා ඉවත් කර මේ නටපු පිස්සුව ඇතුළෙ හරි කාට හරි හිතෙයිද කියලා අපි බලා ඉමු.මා හිතන්නෙ නැහැ.එහෙම බලපෑමක් ඩග්ලස් සිරිවර්ධනට සම්මානයක් අහිමි කරලා,පරාක්‍රම තනතුර අත ඇරලා ගියා කියලා දැනෙයි කියලා.රනිල් වික්‍රමසිංහත් ඒක දන්නවා.ඒ නිසා විදුරට මොකුත් වෙන එකකුත් නැහැ.සමහර විට සුවච කීකරුකම සළකා තව මොකක් හරි අමාත්‍යංශයක් නිර්මාණය කරල හරි දෙන්න ඉඩ තියෙනවා.මේක තමයි ඇත්ත.


කෙසේ නමුත් විදුර වික්‍රමනායකත්,සංස්කෘතික අධ්‍යක්ෂවරියත් උපදේශන සභාවේ ස්වාධීනත්වයට බරපතල අන්දමින් හානි කරමින්,ලෝකයේ වෙනත් කිසිඳු නාට්‍යකරුවෙක්ට නොකළ අන්දමේ නිගරුවක් අත් කර දෙමින්,ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ ඓතිහාසික වටිනාකම අපවිත්‍ර කර අවසන්.පරාක්‍රම බැස ගියත් ඒ කිළුටු වූ තැන්වල පැල්ලම් ඉතිහාසය සිහිපත් කරන හැම මොහොතකම මතු වෙමින් පෙනේවී.ඒ නිසා විදුර වික්‍රමනායක වැනි දේශපාලනඥයන් ලැජ්ජාවට අදාළ බොහෝ නහර කපා ඉවත් කර දේශපාලනය කරන්නන් බැවින් ද,අනාගතයේ දී සිය ලෙයට වීතිමය වශයෙන් තාත්තේ යැයි කියන්නට කිසිවෙක් ඔහුට හිමි නැති හෙයින්ද මේ අවමානය ඔහු මේ දේශපාලනයෙන් විඳින වරප්‍රසාද අසළින් නවතිනු ඇත.එහෙත් තව බොහෝ දුර යා යුතු රාජ්‍ය නිලධාරීන්ගේ නම ද මීට ඈදෙන අතර මේ ඉතිහාසය සොයන ඔවුන්ගේ දරුවෙක්ට මඟ හැර යා නොහැකි ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උළෙල ගැන ලැබෙන්නට ඇති තොරතුරුවලින් දරුවට සිය මවගේ හෝ පියාගේ කුණු ඉවත් කරන්නට නොහැකි වීම කෙතරම් ඛේදයක් වනු ඇද්ද?
විවේචන ඇසුරේම ඩග්ලස් සිරිවර්ධනට මුහුණ පාන්නට වූ ගැටළුව සම්බන්ධයෙන් අපි නැවත නැවතත් කණගාටු වන්නෙමු.එසේම එම ඓතිහාසික වටිනාකමක් හිමිවන ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සම්මානය සුරතට පත් වූ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ට මෙන්ම කලෙයි චෙල්වම් කලාකරුවාට ද අපි සුභාශිංෂන පිරි නමන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan