‘ගරු සරු’ වැඩසටහනේ ඉදිරිය ගැන සාකච්ඡාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ(20) දින අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් සඳහා වෘත්තීය ගරුත්වයක් සහ ආරක්ෂාවක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ‘ගරු සරු’ වැඩසටහනේ ඉදිරි අදියරයන් සහ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

ඒ අනුව ඉදිරි වසර තුළදී ඇතුලත් කරගතයුතු වෘත්තීය අංශ සහ දිස්ත්‍රික්ක මට්ටමින් සැසිවාර පවත්වමින් අවිධිමත් අංශයේ සිටින වෘත්තිකයින් ඊට සහභාගී කරවා ගැනීමට අදාළ සැලසුම්ද මෙහිදී සාකච්ඡා සිදු කර ඇත.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටි බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...