*
Monday, October 28, 2024
spot_img

Latest Posts

ඉඩම් අයිතීන් උදෙසා පොරකන දෙස්, විදෙස් ඈයෝ!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
ශ්‍රී ලංකාව පුරා ඉඩම් අයිති භුක්ති විදීම වැනි කොල්ලකෑම් බහුලව පවතින කාල වකවානුවක තේ, රබර්, ෆාම් සහ කෙසෙල් වගාවන් සඳහා ගොවිපලවල් සහ වනාන්තර ලබා ගැනීමත්, මහා සංචාරක හෝටල් වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් නිසා ගම්වැසියන්ට ඔවුන්ගේ නිවෙස්වලින් සහ ඉඩම්වලින් ඉවත් වීමට සිදු වේ. මේ සියල්ල විශාල පාරිසරික බලපෑමක මුලසුන ගෙන කටයුතු කරයි.

මෙම ඉඩම් අත්පත් කර ගැනීම් යටත් විජිත සමයේ සිට පැවත එන ක්‍රමයකි.

ජාත්‍යන්තර වෙළඳපොළට අපනයනය කිරීම සඳහා ‘මුදල් බෝග’ නිෂ්පාදනය කරමින් ඔවුන්ගේ ණය ගෙවීමට අවශ්‍ය විදේශ මුදල් උපයා ගත හැකි එකම මාර්ගය ද මෙය වනු ඇත.

මහා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා විදේශීය සහ දේශීය සමාගම්වලට රජයේ ඉඩම් බදු සහන සහිතව ලබා දෙන අතර ඒවාට වනාන්තර ඉඩම්, විශේෂයෙන් රක්ෂිත වනාන්තර ආදිය ඇතුලත් වේ.

ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව එහි අන්තර්ගතය වැරදි ලෙස අර්ථකථනය කරමින් නව කැබිනට් තීරණයක් යටතේ වනාන්තර ඉඩම් අක්කර දහස් ගණනක් දෙස් විදෙස් සමාගම් කිහිපයකට ලබාදීමට රජය සැලසුම් කරයි. ඊට විරෝධය පල කරමින් පරිසරවේදීන් සහ ප්‍රදේශයේ ප්‍රජා ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් මැසිවිලි නැගූහ.

එම චක්‍රලේඛයට අනුව සංවර්ධන කටයුතු සඳහා වනාන්තර ඉඩම් වෙන් කිරීම සඳහා විශේෂ සමාලෝචන මණ්ඩලයක අනුමැතිය අවශ්‍ය වේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය පථයට අයත් වන වනාන්තර සම්බන්ධ ගැටලු විසඳීම සඳහා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය විසින් 2023 ජනවාරි 23 වැනි දින ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව දීර්ඝ කාලයක් රක්ෂිත වනාන්තරවල ඉඩම් ලබාදී වගා කරන ගම්වාසීන්ගේ ගැටලු නියමිත කොන්දේසිවලට යටත්ව විසඳනු ඇත.

මෙහි පළමු අදියර යටතේ යාපනය, වවුනියාව, මුලතිව් කිලිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඉඩම් ලබාදීමට නියමිත පදිංචිකරුවන්ට ඉදිරිපත් කිරීමට නියමිතය.
උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසු අවතැන් වූ ගම්වැසියන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ එවකට රජය විසින් මෙම ප්‍රජා ජනාවාස ආරම්භ කරන ලදී.

අංක 1779/15 ගැසට් නිවේදනය යටතේ 2012 ඔක්තෝම්බර් 10 දින රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද යාපනය මඩු පාරේ අක්කර 150ක් සංවර්ධන කටයුතු සඳහා අමාත්‍යාංශය විසින් අංක 2344/16 ගැසට් නිවේදනය නිකුත් කර නිදහස් කර තිබුණි.

මීට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වවුනියාව දිස්ත්‍රික්කයේ සීනි කර්මාන්ත ශාලාව සඳහා අක්කර 600ක වනාන්තර ඉඩම් පවරා ගනිමින් හරිත ක්ෂේත්‍ර සීනි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තායිලන්තයේ Sutech Engineering සමාගම එහි අනුබද්ධ Sutech Sugar Industries Pvt Ltd සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් ආයෝජනය කර ඇති බව ද සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan