ද්විත්ව ගර්භාෂයක් සහිත කාන්තාවක් දින දෙකක් තුළ දරුවන් දෙදෙනෙකු බිහිකරයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දුර්ලභ ද්විත්ව ගර්භාෂයක් සහිත ඇලබාමා මවක් වන 32 හැවිරිදි කෙල්සි හැචර්, බර්මින්හැම්හි රෝහලකදී නිරෝගී නිවුන් දරුවන් දෙදෙනෙකු දින දෙකක් තුළ බිහිකර ඇති බව වාර්තා වේ.

හැචර් හට ප්‍රථම වරට ගර්භාෂ ඩිඩෙල්ෆිස් හෙවත් ද්විත්ව ගර්භාෂයක් ඇති බව හඳුනාගනු ලැබුවේ වයස අවුරුදු 17 දී ය. මෙම තත්ත්වය කාන්තාවන්ගෙන් 0.3% ක් තුළ පමණක් දක්නට ලැබෙන දුර්ලභ ගර්භාෂ විෂමතාවක් වන අතර නවතම දරු ප්‍රසූතිය වන්නේ හැචර්ගේ සිව්වන ගැබ් ගැනීමයි. ඇය මීට පෙර ඇය දරුවන් ප්‍රසූත කර ඇත්තේ වරකට එක් ගර්භාෂයකින් පමණි. වෛද්‍යවරුන් මෙය හඳුන්වා දී තිබුණේ, මෙම ගැබ් ගැනීම මිලියනයට එකක් ලෙස සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් හැචර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබුණේ, පැය 20ක උත්සහයකින් පසු තමා රොක්සි ලයිලා සහ ඉන් දිනකට පසු රෙබෙල් ලේකන් බිහි කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...