නැවතත් කොරෝනා බිය මතුකරමින් මහනුවරින් කොරෝනා මරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මියගොස් ඇති බවට වාර්තා වේ.

මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, එම පුද්ගලයා මියයෑමෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී මරණකරු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවයි. .

ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙක් එසේ මියගොස් ඇති බව සඳහන් වේ. කොවිඩ් වසංගතය හමාරවීමෙන් දිගු කාලයකට පසු මෙම මරණය වාර්තා වීම විශේෂ සිදුවීමකි .

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ ශෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ මේ වන විට රට තුළ ඔමික්‍රෝන් ජේ.ඒ 1 (JN.1 ) වයිරසය පැතිර යමින් තිබෙන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, පසුගිය සති 4ක කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 52%කින් ඉහළ ගොස් ඇති බවත්, ගතවූ කාලය තුළ කොවිඩ් රෝගීන් 850,000ක් හඳුනාගෙන ඇති අතර 3,000ක් පමණ මියගොස් ඇති බවයි.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...