Cramlington හි තරුණ ජීවිත දෙකක් බිළිගත් රිය අනතුර!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Northumberland ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් නව යොවුන් වියේ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිකුරාදා රාත්‍රියේ Cramlington හි A192 Hartford Bank හි දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

18 හැවිරිදි Connor Lapworth, සහ 15 හැවිරිදි Corey Mavin, සෙනසුරාදා රෝහලේදී මියගිය අය ලෙස පොලිසිය විසින් නම් කර ඇත.

Blyth සිට පැමිණි මෙම යුගලය, Suzuki Vitara රථයක සිටි අතර, ඔවුන් වයස අවුරුදු 41 සහ 17 යන වයස්වල පසුවන තවත් පිරිමි දෙදෙනෙකු සමඟ බරපතල තුවාල ලබා රෝහල්ගත විය.

සිදු වූ අනතුරට සම්බන්ධ අනෙකුත් වාහන රේන්ජ් රෝවර් ඉවෝක් සහ ෆෝඩ් ෆෝකස් බව නෝර්තුම්බ්‍රියා පොලිසිය පවසයි.

රේන්ජ් රෝවර් රථයේ රියදුරු වූ 36 හැවිරිදි කාන්තාව බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ෆෝඩ් ෆෝකස් රියදුරු වූ 52 හැවිරිදි කාන්තාව තුවාල ලබා නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...