ශ්‍රී ලාංකික සම්භව්‍යක් ඇති ජනප්‍රිය ඉන්දීය කොලිවුඩ් නළු “බෝන්ඩා මනි” දිවියෙන් සමුගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියාවේ කොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය විකට නළුවෙකු වූ ‘බෝන්ඩා මනි’ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ උපත ලැබූ බෝන්ඩා මනි පසුව ඉන්දියාවේ තම ජීවිකාව ගෙන ගිය අයෙක් වීම සුවිශේෂී සිදුවීමකි. බෝන්ඩා මනිගේ මුල් නම වන්නේ කේදීස්වරන් වන අතර ඔහු ඉපදී ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ බවද පැවසේ.

චෙන්නායි නුවර පිහිටි නිවසේදී ඊයේ (23) රාත්‍රියේ ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය පවසන අතර, ඔහු පසුගිය මාස කිහිපයේ අසනීප තත්ත්වයෙන් සිටි බවද සඳහන් වේ.

ඒ ඔහුගේ වකුගඩුවල පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඔහු මියයන විට 60 වන වියේ පසු විය.

බොන්ඩා මනි දෙමළ සිනමාවේ චිත්‍රපට 250කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත.

බොන්ඩා මනිගේ හාස්‍යජනක රංගනය දෙමළ සිනමාවේ රසිකයින්ගේ සිත් දිනාගත් දිනා ගත් අතර ඉංග්‍රීසි කරන්, රන්, මසායි, චානක්‍ය, වේලායුධම්, කුසේලන්, පාදිලිතවන්, තමිරභරණී, මරිදමාලෙයි ඔහුගේ ජනප්‍රිය චිත්‍රපට වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...