වරාය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Date:

අද (28) දිනයේ ආරම්‍භ කිරීමට නියමිත ව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

2024, 2025, 2026 වසර තුන සඳහා වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් අද දිනයේ සිට අකුරට වැඩ කිරීමේ සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තම සංගමය තීරණය කර තිබුණත් වරාය පාලනාධිකාරිය විසින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගොස් ගනු ලැබූ වාරණ නියෝගයක් හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බවයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් ජනවාරි මස 09 වැනිදායින් පසු යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...