*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/29

  1. 2024 ජනවාරි 01 වන දින සිට 15% සිට 18% දක්වා ඉහළ යාමට නියමිත වැට් බදු හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක් ඇති බවට ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම් නිශ්ශංක එන්. විජේරත්න අනතුරු අඟවයි: 2020 ජූනි සිට මේ දක්වා එම ක්ෂේත්‍රයේ හැකිලීම 50% පමණ බව පවසයි.
  2. ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමා තරඟ වැදීම සම්බන්ධයෙන් සියලු දමිළ දේශපාලන පක්ෂ එකඟතාවයකට එළඹෙන්නේ නම් ඊට තරඟ වැදීමට තමා සූදානම් බව යාපනය දිස්ත්‍රික් පා.ම. සී.වී. විග්නේෂ්වරන් පවසයි.
  3. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විනිසුරු ඩබ්.එම්.එන්.පී ඉද්දවෙල පත් කරයි: එමෙන්ම, 2024 ජනවාරි 01 වන දින සිට බල පැවැත්වෙන පරිදි, චේතිය ගුණසේකර සහ කේ. බර්නාර්ඩ් රාජපක්ෂ එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කරයි.
  4. “මට්ටක්කුලියේ කුඩු රොෂාන්” නම් පාතාල සාමාජිකයාට අයත් ජා ඇල පිහිටි නිවසක්, ඉඩමක් සහ රු. මිලියන 55 කට අධික වටිනාකමකින් යුත් වාහනයක් තම නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශය විසින් වැටලූ බව පොලීසිය පවසයි.
  5. 18% වැට් බද්ද ක්‍රියාත්මක වූ පසු ඉන්ධන සඳහා පනවා තිබූ 7.5% ක වරාය හා ගුවන්තොටුපොල සංවර්ධන බද්ද (PAL) ඉවත් කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි: තව ද, ගෘහස්ත ගෑස් සඳහා පනවා ඇති PAL බද්ද ද ඉවත් කෙරෙනු ඇති බව පවසයි.
  6. 2023 ඔක්තෝම්බර් මසට සාපේක්ෂව 2023 නොවැම්බර් මස දී වෙළඳ භාණ්ඩ අපනයනය 4.4% කින් ඇ.ඩො. මිලියන 968.8 දක්වා ඉහළ ගොස් ඇති මුත් එය මීට වසරකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව 2.67% ක අඩුවීමක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
  7. 2023 දෙසැම්බර් 09 වන දින දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් සොයා බලා තමාට දැනුම් දෙන තුරු බලා නොසිට ඒ පිළිබඳව සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගැනීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව පියවර ගත යුතු බව විදුලි පාරිභෝජකයන්ගේ සංගමය පවසයි: එම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වගකීම භාරගත් බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු විසින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි.
  8. රටේ දළ දේශීය නිශ්පාදිතය සවිබල ගැන්වීමෙහි ලා බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් තවමත් පෙරමුණ ගනිමින් සිටින බව මහ බැංකු දත්ත පෙන්නුම් කරයි: බස්නාහිර පළාත විසින් නාමික දළ දේශීය නිශ්පාදිත සඳහා ලබා දෙන දායකත්වය 43.4% දක්වා ඉහළ ගොස් තිබේ.
  9. ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පැටවෙමින් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු විසින් සිදුකළ සමීක්ෂණයක දී හෙළිවෙයි: 60.5% ක කුටුම්භවල මාසික සාමාන්‍ය ආදායම අඩු වී ඇති අතර, කුටුම්භවලින් 91.0% ක මාසික වියදම් මට්ටම්වල වැඩිවීමක් පෙන්නුම් කරයි: ආර්ථික අර්බුදයේ මූලාරම්භය කොවිඩ් වසංගතය මඟින් උත්සන්න වූ 2019 පාස්කු ඉරු දින ප්‍රහාරය දක්වා දිව යන බව පෙන්නුම් කරයි.
  10. මේ වසරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800කට අධික පිරිසක් ශ්‍රී ලංකාව හැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි: තවත් 1,000 කට ආසන්න පිරිසක් “නිවාඩු මත” විදෙස්ගත ව සිටින බව පවසයි: එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පවසයි: නව කථිකාචාර්යවරුන් බඳවා ගැනීම මේ වන විට නතර වී ඇති බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan