*
Monday, April 28, 2025
spot_img

Latest Posts

රටටම එළිය ගෙනෙන ගොල්ෆ් තරු උපද්දන අහසක් කළ හැකි රජරට හෙට දවස.

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

ශ්‍රී ලංකා කණිෂ්ඨ විවෘත ගෝල්ෆ් තරගාවලිය 2023 නිමාවට පත් වුණේ කණිෂ්ඨ සූරයා ලෙස ජෙවාන් සතාසිවම් සහ සූරිය ලෙස කායා දළුවත්ත අභිෂේක ගන්වමින්.ඉන්දියානු ක්‍රීිඩිකාවන් ද කාන්තා අංශයේ තරග සඳහා ඉදිරිපත් වුව ද,වඩාත් කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් වීම කැපී පෙණුනා.මේ සියලු දෙනා අතරින් ලංකාවේ හතර කොණ දන්නා අපිට දැනෙන ජයග්‍රහණ සහ හැකියාවන් විදහා දක්වන්නට සමත් වුණේ අනුරාධපුරය නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩක කණ්ඩායමයි.


ඓතිහාසික රාජධානියක් වුව අද අසෙන්නට ලැබෙන්නේ රාජ සම්පත් විදින පරපුරක් ගැන නොවන, පීඩාවට පත් ගොවි කම්කරුවන්,යුද්ධයෙන් ආබාධිත වූවන්,කනවැන්දුම් වූවන් බහුතරයක් හරහා පීඩිතයන් බහුතරයක් සිටින දිස්ත්‍රික්කයක් ගැන කතාවන්.එැවැනි දිස්ත්‍රික්කයක ජනතාව අතරින් ධනවතුන්ගේ ක්‍රීඩාවක් වන ගොල්ෆ් ක්‍රීඩාවේ විශිෂ්ඨයන්ගේ කළල පීදෙමින් තිබීම අසාමාන්‍ය වැඩක්.හැබැයි රටක් හැටියට හිතනවනම් අතක් දෙන ප්‍රමාණය වැඩි වුවහොත් රජරටින් ගොල්ෆ් විශිෂ්ඨයන් මතු කර ගැනීමට හැකි බවට ලැබෙන සුබ ඉඟියක් හැටියට මේ තරගාවලියේ අනුරාධපුර ජයග්‍රහණ හඳුන්වන්න පුළුවන්.
“ව්‍යාපාර කරන අයගෙ දරුවොත් ඉන්නවා.ඒත් වැඩි දෙනෙක් මාසේ පඩියට රැකියා කරන පිරිස්.”


පුහුණුකරු ප්‍රියා හේමන්ත පවසන්නේ ඉහළ මට්ටමේ ගොල්ෆ් පිති කට්ටලයකට වැය කළ යුතු,එවැනි මාස් පඩිවලට ඔරොත්තු නොදෙන මිල ගණන් කියමින්ය.2017 දී හේමන්ත විසින් පැල කරන්නට යෙදුණ අනුරාධපුර පැල තවාන මේ වන විට අත් රිකිලි සහිතව වැඩෙමින් ලාංකේය ගොල්ෆ් කීර්තියට සෙවණ දෙන තරමට පළල්ව වැඩෙන බව ප්‍රත්‍යක්ෂ කරමින් සිටින්නේය.


ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් නඩත්තු වන අනුරාධපුර ගොල්ෆ් පිටිය නොතිබුණේනම් රජරට සුවඳ රටටම නොව කොදෙව්වෙන් එපිටට ද දනවන ගොල්ෆ් කැකුළු විකසිත නොවන්නට තිබුණ බව ප්‍රියා හේමන්ත පවසන්නේය.
“කොළඹ එනකොට වෙනම පුහුණුවක් දෙනවා.ඉතාම ඉහළ මට්ටමෙන් මෙහි සේවකයන් කොළඹ රාජකීය ගොල්ෆ් පිටිය නඩත්තු කරනවා.මේකෙ ග්‍රීන් කියලා කොටසක් තියෙනවා.එකේ ගමන වේගවත්.ඒ නිසා අපි සිමෙන්ති පොළව ආදිය යොදාගෙන ඒ වේගයට අපේ දරුවො හුරු කරනවා”


දිගන පිටියෙන් උපත ලබන හේමන්තගේ ක්‍රීඩක ජීවිතය ජාතික මට්ටමේ අත්දැකීම්වලින් මෙන්ම අන්තර්ජාතික මට්ටමේ අත්දැකීම්වලින් ද සුපෝෂීතය.ඔහු ක්‍රීඩක අත්දැකීම පුහුණුකරුවෙක් ලෙස වඩාත් ඉහළින් අකුරු කරන්නට දත් අයෙක් බැවින් පවතින යටිතල පහසුකම්වලට ඉදිරියෙන් අනුරාධපුර දරුවන්ගේ හැකියාවන් ඉදිරියෙන් තියා ගන්නට සමත් වි ඇත.මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පමණක් නොව ඔවුන් ඉන්දියාව ඉදිරියේද පසු නොබැස්ස ලාංකේයත්වයේ නියෝජනයේ දායකයෝ වූහ.


මේ ගොල්ලො මේ දස්කම් දක්වන්නෙ හොදම පහසුකම්වලින් නෙමෙයි.සමහර පහරවල්වලට ඊටම අනන්‍ය වූ පිති තිබුණත් මේ දරුවන්ට සමහර විට ඒකත් නැහැ.නැත්නම් මේ පහරවල් ප්‍රමාණයන් මීටත් වඩා අඩුවෙන්න හොඳටම ඉඩ තිබුණා.
හේමන්තගේ ඒ අදහස වෙනුවෙන් පෙනී සිටියේ මේ වන විට මේ ගොල්ෆ් වසන්තය උදා නොවී පරව යන්නට ඇති ඉඩ වැළක්විම පිණිස සැකසි වැඩ පිළිවෙලේ ප්‍රමුඛත්වය දරන්නාය.අනුරාධපුර ගොල්ෆ් වෙනුවෙන් පිහිටුවාගෙන ඇති සමූහයේ සභාපතිවරයා වන ක්‍රීඩා කරන දරුවන්ගේ පියවරුන් සහ මව්වරුන් නියෝජනය කරන එහි සභාපතිවරයා නමින් මාන්නප්පෙරුමය.
“ගොල්ෆ් පවතින මූල්‍යමය සමාජයට අපි ඉන්නෙ දුරින්.නමුත් ඒ දුර අඩු කරගන්න අපි විසින් සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා.ඒකට උදව් කරන කෙනෙක්ට 0778418272 අංකයෙන් මාව සම්බන්ධ කරගෙන තොරතුරු ගන්න පුළුවන්.”


මාන්නප්පොරුම පවසන්නේ ජාතික ගොල්ෆ් සංගමයේ යොවුන් අංශය භාරව සිටින්නී නිලූ ජයතිලක අනුරාධපුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරන බව සහ ඔවුන් කෙරෙහි විශ්වාසයෙන් වැඩ කරන බවය.ඒ හරහා රාජකීය ගොල්ෆ් සමාජය දක්වන සහයෝගය ඔහු ඉතා ඉහළින් අගය කරන්නේය.
“මේ පාරත් මේ තරගාවලියට ආවම බෝල 1000 ක් අපිට දුන්නා.හොඳම මට්ටමේ උපකරණ ගන්න බැරි නිසා අපිට ලැබෙන සමහර යම් පමණකට භාවිතා කළ දේත් මිල කරන්න බැරි තරම් වටිනවා.”


මාන්නප්පෙරුම ඒ අදහස පවසා ගත් හුස්ම පහත හෙළන්නටත් ප්‍රථම නිලූ පිටුපසින් සිට අමතන්නීය.
“ඔයාලගෙ ලෙෆ්ට් හෑන්ඩ් ප්ලේ කරන අයට තෑග්ගක් දෙන්න ආවෙ”


ඇය සමඟ සිටින්නී ඇයගේ මිතුරියක වන හර්ෂි අමරසිංහය.මේ තරගාවලියටම ඇයගේ දරුවා ද ක්‍රිඩා කර ඇත.එහෙත් ඒ දරුවාට මතු අනාගතයේ හමුවිය හැකි දක්ෂ අභියෝග මැකී යනවා වෙනුවට දක්ෂ දරුවන් වෙනුවෙන් පොදු මවක් වන්නට හැකි ඇඟේ පොදු මාතෘ හදවත තෙත්ව තිබේ.ඒ පිති ගොන්න අනුරාධපුරයට දායාද කර “දෙයක් තියෙනවනම් කියන්න.පුළුවන් වෙලාවට අනිවාර්යෙන් කරල දෙනවා” කියන්න තරම් හර්ෂිගේ හිත ලැබැඳිය.ස්නේහේවන්තය,දාරක ප්‍රේමයෙන් පළල්ය.
ඒ සියල්ල සඳහා මඟ පාදන්නී නිලූ ජයතිලක ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ ජාතික ඔලිමිපික් කමිටුවේ නිලයක් දරන්නට තරමටම පොහොසත්,එමෙන්ම ගොල්ෆ් ක්‍රීඩාවේ ලාංකේය කාන්තාවක් ලෙස ඉහළින් සිය නම සළකුණු කරන්නට සමත්කම් දැක් වූ කාන්තාවක්ය.


“ අපි ඉතිං හිතවතුන්ගෙන්,ක්‍රීඩාවට ආදරය කරන අයගෙන්.අඩුපාඩු සහිත දක්ෂයන් සිටින තැන් හොයලා උදව් කරන දානපතියන්ගෙන් ලැබෙන ආධාර උපකාරවලට නිල හැඩයක් දෙන්න තමයි සංවිධානයක් හැටියට මේක පිහිටුවා ගත්තෙ.මේ දරුවො එක්ක ගෙන ආවම කොළම වගෙ නැවතිලා දින ගණන් ඉන්න වෙනවා.ඉහළම නැතත් තරමක් හොඳ පහසුකම් සහිත තැන් වෙන්නත් ඕනි.ගොල්ෆ් කෝච් පැහැදිළි කරලා දිල තියෙන්නෙ මනස නිරවුල්ව සියයට සියයක් තබා ගැනීමේ වැදගත්කම.ඒ නිසා තමයි මෙච්චර ජයග්‍රහණ අපිට ලැබෙන්නෙත්.”


මාන්නප්පෙරුම පවසන්නේ එවැනි අවස්ථාවකදී විශාල මුදලක් නවාතැන්වලටම වැය කරන්න වෙන බවය.”වැඩිපුර තියෙන අයට යමක් වැඩිපුර දෙන්න පුළුවන්.ඒත් මේ සමස්ත වියදම එකතු වෙලාවත් දරාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා”


ශ්‍රී ලංකා ගොල්ෆ් වත්මන් සභාපති රනිල් පීරිස් මහතා,උප සභාපති තුමා, ලේකම් අනුක් චෙට්ටි මහත්මිය හා හිටපු සභාපති තුමාටත්,තරංග මහතා,චන්දන මහතා ඇතුලු අපට නන් අයුරින් සහය දක්වන සැමටත් අනුරාධපුරයේ ස්තූතිය පුරවා පිරිනමන්න ඔවුන් ඉදිරිපත් වන්නේ මේ ජයග්‍රහණවලින් පිරෙන අනුරාධපුරය පෝෂණය කරන්නට ඔවුන් දෙන දායකත්වය ඒ හදවත්වල ඓතිහාසික ශිලා ලිපි මෙන් කෙටී තැන්පත්ව තිබෙන බැවිනි.


ඒ උපකාර පිටුපස නොතිබෙන්නේනම් මේ ගොල්ෆ් ජීවිතවලින් සිය ඉලක්ක ලිහී ගැලවි යාමට ඉඩ ඇත.එසේ රඳවා තබා ගන්නට බැරි තරම් වූ ජීවිත අදටත් මතකය ඉතුරු කර සමුගෙන ගොස් ඇත.
“2017 ඉදලා හිටපු සමහර දක්ෂයන්ට අපහසුතා නිසා ගොල්ෆ් පිටිය අත අරින්න වුණා.


හේමන්ත පවසන දේ වර්ථමානයට ද අදාළය.ඒ අදාළ ඉඩ වසා තැබීම සඳහා කුමන හෝ වැඩ සටහනකට පිවිසෙන්නට ක්‍රිඩා බලධාරීන්ට,අනුරාධපුර ප්‍රදේශයේම සිටින දේශපාලකයන්ට,ව්‍යාපාරිකයන්ය මඟක් පාදා ගන්නට හැකිනම් මේ රටේ අනාගතය ගොල්ෆ් ක්‍රීඩාවෙන් භාරගන්න ඉන්න රජරට දරුවෝ බව අපි අවිවාදයෙන් පවසන්නට මැලි නොවන්නෙමු.අනුරාධපුර මධ්‍ය විද්‍යාලය,ලයිසියම්,රාහුල සහ ශාන්ත ජෝෂප් වැනි පාසල් මතින් ලංකාවේ ගොල්ෆ් පිටියට ජාත්‍යන්තර බලාපොරොත්තු ඇති කරන මේ දරු පොකුර දේශයටම අයිති රටට කීර්තිය ගෙන ඒම වෙනුවෙන් ගොල්ෆ් පිටියේ රැකගත යුතු පිරිසකි.ඒ සඳහා රට වගකීම භාරගන්න තරමේ ප්‍රමාණය අනුව රජරට රටටම ජයගෙනෙන ගොල්ෆ් තරු උපද්දන අහසක් වනු ඇත.

හර්ෂිගේ පරිත්‍යාගය,(වමේ සිට මාන්නප්පෙරුම,හර්ෂි සහ නිලූ)

Genuli Weerakoon

Dilini Amarawansa

Adhithya Weerasinghe

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan