*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

ජනපති e කොළම

අශෝක ජයතුංග

වොෂින්ටන් DC :

ජනාධිපතිවරණ නෑ….ප්‍රබල රාජපක්ෂ හඬක් එළියට…?

කපටි නරියා ජවිපෙ අයට ජනාධිපති නීතීඥකම් දීමේ රහස…?

යුක්තියෙන් ගොඩයන්නේ නරි හා හිවල්ලු ද රට ද..?

බදු සහන දුන් ගෝඨා ගේ යාළුවන්ට කපටි නරියා කල දේ…?

ඇමෙරිකාවෙන් ලංකාවට ඩො බිලියනයක දැවැන්ත මුදලක්…!

චාල්ස් රජු ගේ නියෝජිතයා ලෙස ඈන් කුමරියගේ ලංකා ගමන….!

ඉතිහාසයේ ලොකුම රාජ්‍ය ආදායම 2023 දී – මහාචා: ආශු

වියත්මගේ ඉදිරි පේළියේ වාඩිවී සිටි බිස්නස් යාළුවන් ජනපතිවරණය ජයගත් විගස ගෝඨාට වැමෑරිය නොහැකි ලණුවක් ගිල්ලුවේය. “අපට බදු සහන දෙන්න. අපි ආර්ථිකය දියුණු කරන්නම්. ජනතාවත් සහන දෙන්නම්” උන් කීවෝය.

වසරකට රු. බිලි 700 ක එනම් කෝටි 70,000 ක බදු සහන දුන් ගෝඨා පප්පා ට කෙලවී ඇති බව පෙණුනේ රට බංකොලොත්වී ජනතාව අනාථ වූ විටය. වසර 04 ක් තුළ එය කෝටි 2,80,000 ක දැවැන්ත මුදලක් වුවද රනිල් පප්පා එම අලාභය කණපිට ගැහුවේය. අලුත් බදු ක්‍රම ගෙනා ඔහු 36% බදු පදනම හරහා ගෝඨා ගේ රට සූරාකෑ යාළුවන්ට බැස්ටිය දුන්නේය.

2023 උපරිම රාජ්‍ය ආදායම ලැබූ වසර බවට පත් කළේය. මේවා නොදත් සමාජ මාධ්‍ය වල ටයර් ටියුබ්කාරයන් හා වෙබ්කාරයන් එසේ ක්‍රියාත්මක වූ කපටි නරියාටත් රටට ඇත්ත පෙන්වා දුන් ලියුම්කරුටත් මඩ ගැසුවෝය. දෙවරක් රට ලේ විලක් කර ජීවිත ලක්ෂයක් හා රු කෝටි ලක්ෂ ගණනක් රටට අහිමි කල උන්ගේ දේශපාලනය එහෙමය. රනිල් බදුහොරු රකිනවාය යන අවලාදයට ප්‍රතිඋත්තර බැන්දේ මහාචාර්ය ආශු මාරසිංහය. ” සිහින ජනපතිලා ඉන්න සුළු පක්ෂයක් ජනපතිට මඩ ගැහුවට එතුමා 2023 දී ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම ලැබූ වසර බවට පත් කලා. රු බිලි 3012 ක් මේ වසරට ආදායම ලැබීම වාර්තාවක්.

දේශපාලන අනාගතයට වඩා ජනප්‍රිය නොවන තීන්දු අරන් රටේ අනාගතය බලලයි එතුමා වැඩ කළේ” මහාචාර්ය ආශු කීවේය. පෝළිමේ මැරී වැටෙන රටක් බාරගත් රනිල් කෝච්චියේ අන්තිම පෙට්ටියට බෙල්ල තිබ්බේ එසේය.

කන්නවත් නැතිව සිටි ජාතියක් පසුගිය නත්තලට රටපුරා ට්‍රිප් ගියහ. රනිල් ද නුවරඑළි ගියේ මෛත්‍රී සමගිනි. එය විවේකයකට වඩා තිබුණාටත් වඩා වැඩ අධික අවස්ථාවකි. දුරකතන හා අන්තර්ජාල හරහා රනිල් ගේම ගැහුවේය. “සංචාරකයන් ඉලක්ක කර කලාංග ආහාර අත්කම් ආදියෙන් යුතු සැනකෙළියක් දකුණු පළාතේ අරඔමු” රනිල් කීවේ සාගල හා හරීන්ට ය. කොළඔින් පිට යන්නට පෙර නව ඉන්දියානු මහකොමසාරිස් හමුවූ ජනපති සුබ පැතුවේය.

සාගල ද හමුවී ඉන්දියානු ආයෝජන ගැන කතා කලහ. හීතලේ සිටි රනිල්ට පොහොට්ටුවෙක් දුන් පණිවිඩයකින් ඇග රත්විය. “කට්ටියක් ධමිමික ගේන්න දඟලනවා. එයාට කොන්දේසි 2 – 3 ක් දාල ” ඔහු කීය. ” මටත් ආරංචියි, මෝදිගෙ කැම්පේන් කරන සමාගමම තෝරගෙනලු” රනිල් කීය. “ජවිපෙ නායකයගෙ ඉල්ලීමට ජවිපෙටත් ජනාධිපති නීතීඥ ධුර දුන්නා කියල ආරංචියි” ප්‍රසන්න රණතුංග කීවේ කොක්හඬලමිනි. “අනුරයි ජනාධිපතියි අතරෙ ලොකු ඩීල් තියෙන බව කවුරුත් කියනවනේ” දොලවත්ත කීවේ ද සිනාමැදය.

කපටි නරියා එය නෑසුණු කණින් ලිස්සා ගියේය. “ජනාධිපති නීතීඥකම් දෙන්න ඔින දේශපාලනය නිසා නෙවෙයි අත්දැකීමි පළපුරුද්ද අනුවයි” රනිල් කීය. 31 රාත්‍රි කොළඔ එන රනිල් ජනවාරි 01 දා ලේකම් කාර්යාල කැවුම් කිරිබත් මේසයට එක්වනු ඇත.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ කට්ටල ගේම පත්තුවී සෞඛ්‍ය ලේකම් හා 06 ක් ඇතුලේය. ඇමති කෙහෙළිය රටින් පැනලාය. ජාත්‍යන්තර පොලීසිය ඔහු අල්ලාවිය ආදී කතා පැතිරෙද්දී ඔහු සියරට පැමිණ මාධ්‍ය ඇමතීය. ” මේ ගැන පැමිණිල්ල CID එකට කළේ මමයි”කෙහෙළිය කීය. පසුව CID ය කෙහෙළියගේ ගෙදරට ගියේය. “පරීක්ෂණ වලට එතුමා සහායදීල ලේඛණත් ඉදිරිපත් කලා” ඔහුගේ නීතිඥයා කීවේය. එහෙත් එම නීතිඥයා ඖෂධ නියාමන කොමිසමේ තනතුරු ලාභියෙකු නිසා වගඋත්තරකරුවෙකු වෙනුවෙන් තවත් වගඋත්තරකරුවෙකුට පෙනී සිටින්නට නොහැකි බව වෛද්‍ය රාජිත හා ක්ෂ්‍රේත්‍රයේ හුඟ දෙනෙක් දමලා ඇරියේය.

ප්‍රශ්නය දැන් CID හා අධිකරණය අතේය. ඇමතිලා බබාලා නොවේය. එසේම හැම ඇමතිලාම නීලකාස හොරු ද නොවේය. රාජපක්ෂලාට වන්දනාමාන කල මහඇදුරෙකු වූ නලින් සිල්වා මෑතකදී මයික් ටයිසන්ට ඇන්දේය.

“ජනාධිපතිවරණයක් නම් එන්නෙ නෑ. මහඡන්දයක් ඒවි” ඔහු කීවේය. ඒ හඩ ඇසුනේ මාළිගාවත්ත ලී මෝලෙන් ද රාජපක්ෂ කෑම මේසයෙන්ද වෙනමම මුට්ටියක් දැයි පැහැදිලි නැත. ඇමෙරිකන් මහින්ද හා වොෂින්ටන් තානාපති අංශ ඇමෙරිකාවේ DFC ආයතනය සමඟ කල සංවාද වලින් පසු ලංකාවට ආයෝජන ලබා ගැනීමේ විශාල උත්සාහයක් පවතී. මේ වනවිට ඔවුන්ගෙන ඩොලර් බිලියනයක දැවැන්ත මුල්‍ය පහසුකමක් ද ලැබි තිබේ.

අදානි හා කීල්ස් සමාගම් කොළඔ බටහිර ගැඔුරු හා කන්ටේනර් පර්යන්තයක් ලෙස ගොඩ නැගීමට ද DFC වෙතින් දුන් ඩො මිලි 553 ද ඒ අතර වේ. එමගින් විශාල රැකියා අවස්ථා හා ලංකාව ලොව්‍ර ප්‍රමුඛම නාවික මධ්‍යස්ථානයක් වීමේ අවස්ථාව ද උදාවේ.

රනිල් ගේ ආරාධනයෙන් බ්‍රිතාන්‍ය චාල්ස් රජුගේ නියෝජිතයා ලෙස ඈන් කුමරිය ජනවාරි 10 දා ලංකා සංචාරය අරඔන්නීය. එහි පූර්ණ මැදිහත්කරු රෝහිත බෝගොල්ලාගමය. නුවර හා යාපනේ යන ඇය පසුව ප්‍රමුඛ ඇගලුම් හා මුදල් මුද්‍රණ සමාගම් ද නරඹනු ඇත. ජනපති රනිල් සමග කරන විශේෂ සාකච්ඡාව හරහා රටට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවට ද විශ්වාසය පළවේ.

දේශබන්දුට රනිල් අන්දලා හෝ “වැඩබලන” කෑල්ල මකා පොලිස්පති ලියුම ගන්නට කුඩු හා පාතාල මර්දනයට ඇරඹූ “යුක්තිය” ඉදිරියටම යයි. මග හිටින්නේ නැතිව මෙය ඉදිරියටම ගියොත් ඊලග ජනපතිවරණය කපටි නරියාට කැරකෙන්නේ “යුක්තිය” හරහා ද විය හැකිය. යුක්තියෙන් ගොඩයන්නේ නරි හෝ හිවල්ලු යයි පටබැදෙන රනිල්, ටිරාන්, දේශබන්දු ලා නොව රට ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan