බඩු මිල ඉහළ යන එකට කරන්න තියෙන්නේ ආදායම වැඩි කරගන්න එක – මහ බැංකු අධිපති

Date:

කොළඹ LNW:ඉහළ ගිය බඩු මිලට මුහුණ දීමට තිබෙන එකම විකල්පය නම් ඊට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කවුරුන් හෝ දීර්ඝකාලීනව බඩු මිල අඩු කරන බව පවසනවා නම් එය අසත්‍යයක් බවයි වීරසිංහ මහතා සඳහන් කරන්නේ.

ඕනෑම රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන (EFF) ඉදිරි වසර 04 සඳහා අඛණ්ඩව පැවතිය යුතු බවද මහ බැංකු අධිපතිවරයා කියාසිටියි.

ණය සහන සහ ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතු වන අතර මෙම ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත් වීම දැඩි බලපෑම්වලට තුඩු දෙනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛණ්ඩව ඉදිරියට රැගෙන යාම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව හෙතෙම පවසයි. .

ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහන සහ සහතික ලබාදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන වැඩසටහන ඉදිරියට යෑමේ පදනම මත බවත් ඕනෑම රජයකට ඉදිරි වසර හතරක කාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කාලයට ඔබින පරිදි ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හැකියාව තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන කරයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යෑමට අකැමැති පාර්ශ්ව ඒ සඳහා තිබෙන විකල්පයද ප්‍රකාශ කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...