කොළඹ LNW:නව වැට් බදු සංශෝධන හේතුවෙන් හෙට (01) සිට ගෑස් මිල වැඩි වීමට නියමිතයි.
කෙසේවෙතත් ගෑස් සඳහා මෙතෙක් අය කළ 2.5%ක වරාය හා ගුවන් සේවා බද්ධ ඉවත් කර ඇත.
ඒ අනුව 15.5 %කින් ගෑස් මිල සඳහා වැට් බද්ද එකතු වීමට නියමිතයි.
වැට් බදු නව ප්රතිශතය එකතු වීමත් සමඟ ලිට්රෝ ගෑස් කිලෝ ග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 500ක පමණ මිලකින් ඉහළ යාමට නියමිත ඇති අතර දැනට රුපියල් 3565ක මිලකට අලෙවි වන ලිට්රෝ 12.5 kg සිලින්ඩරයක් රුපියල් 4065ක් පමණ වන මිල වනු ඇති.
ASK