*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

මේ අවුරුද්ද කොහොම වෙයිද ?

ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව, ඕස්ට්‍රේලියාව පැත්තෙන් පටන් අරගෙන ඇමරිකාව දක්වාම දැන් 2024 අලුත් අවුරුද්ද උදා වෙලා අවසන්. ඕස්ට්‍රේලියාව පැත්තටනම් දැන් ජනවාරි දෙවෙනිදා වුනත්, මෙය ඇමරිකාවට අලුත් අවුරුද්ද උදා වීමෙන් පසුව ලියන පළමුවන සටහන. ලොව පුරා විසිරී සිටින අපව කියවන පාඨකයින්ගේත්, නොකියවන සමස්ත ලෝක වාසී ජනතාවගේත් ජීවන තත්ත්වය වඩා යහපත් වන සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින් ලිපිය පටන් ගනිමු.

පසුගිය වසරේ පළමු ලිපිය ලෙස පළ කර තිබෙන්නේ යූටියුබ් වීඩියෝවක්. එහි පැහැදිලි කර තිබෙන්නේ වසර තුළ උද්ධමනය අඩු වන විදිහ. පසුගිය වසර ආරම්භ වන විට තිබුණු ලොකුම ප්‍රශ්නය එයයි. 2022 වසර අවසන් වුනේ උද්ධමනය 57.2% ලෙස සටහන් කරමින්. මේ වගේ ඉහළ මට්ටමක තිබුණු උද්ධමනය වසර මැද වන විට, විශේෂයෙන්ම දෙවන කාර්තුව තුළ, විශාල ලෙස අඩු වන ආකාරය අප විසින් එම වීඩියෝවෙන් පැහැදිලි කළා. ඒ වෙලාවේ බොහෝ දෙනෙක් පිළිගන්න මැලි වුනත්, එය එලෙසම සිදු වුනා. 2023 වසර අවසන් වුනේ උද්ධමනය 4.0% ලෙස සටහන් කරමින්.

උද්ධමනයේ හැසිරීම ගැන අප විසින් මෙවැනි නිවැරදි පැහැදිලි කිරීම් කළේ උද්ධමනය එහි උපරිම මට්ටමට ආසන්න වෙමින් තිබුණු 2022 වසර මැද සිටයි. මේ අයුරින්ම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව රටේ බැංකු පද්ධතිය කඩා නොවැටෙන බවත්, විණිමය අනුපාතය නිදහස් කිරීමෙන් පසුව ඩොලරයක මිල විශාල ලෙස ඉහළ නොයන බවත් අප විසින් කරුණු සහිතව පෙන්වා දුන්නා. ඒ දේවල් ඒ විදිහටම සිදු වුනා. අප මේ දේවල් පෙන්වා දුන්නේ ආර්ථික විද්‍යා සිද්ධාන්ත මත පදනම්ව මිස මේ දේවල් මෙසේ සිදු වන බව කීමේ දේශපාලනික බලපෑම් ගැන සලකමින් නෙමෙයි.

දේශපාලනය පැත්තකින් තිබ්බොත්, ලංකාවේ ආර්ථික ස්ථායීතාවය හා අදාළව ගෙවුණු වසර සුවිශේෂී වසරක්. එම වසර විශාල ආර්ථික අර්බුදයකින් පසුව, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරගැනීම මගින් අළු ගසා නැගී සිටි වසරක් ලෙස හදුන්වන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත් වන තැන දක්වා තල්ලු කළ නිදන්ගත රෝග දෙක වුනේ රජය විසින් ආදායම ඉක්මවා වියදම් කිරීම සහ රටේ විදේශ විණිමය වැය විදේශ විණිමය ලැබීම් වලට වඩා වැඩි වීමයි. මේ ප්‍රශ්න දෙක රජයේ ප්‍රාථමික අයවැය හිඟයෙන් සහ රටේ ජංගම ගිණුමේ හිඟයෙන් නිරූපණය වෙනවා.

ප්‍රාථමික අයවැය හිඟයක් පැවතීම සහ ජංගම ගිණුමේ හිඟයක් පැවතීම 1956න් පසු ලංකාවේ පැවති සාමාන්‍ය තත්ත්වයයි. 1955 වසරෙන් පසු, ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගනු ලැබුවේ 1992, 2017 හා 2018 වසර තුන තුළ පමණයි. එහෙත්, එම වසර වල ජංගම ගිණුමේ තිබුණේ හිඟයක්. එමෙන්ම, 1956 වසරෙන් පසුව, ජංගම ගිණුමේ අතිරික්තයක් තිබුණේ 1965 හා 1977 වසර දෙකේදී පමණයි. එහෙත්, එම දෙවසර තුළ ප්‍රාථමික අයවැය ශේෂය හිඟයක්ව පැවතුණා. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ 1950 වසරෙන් පසුව, මෙම ගිණුම් දෙකේම අතිරික්තයක් තිබී ඇත්තේ 1954 හා 1955 වසර දෙකේදී පමණයි.

ඉන් පසුව පළමු වරට 2023 පළමු මාස නවය තුළ එක වර ප්‍රාථමික අයවැය ගිණුමේ මෙන්ම ජංගම ගිණුමේද අතිරික්ත වාර්තා වී තිබෙන අතර වසර අවසානය වන විටද මෙම තත්ත්වයන් මෙලෙස පවත්වා ගැනීමේ හැකියාව පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව, 2023 වසර සාර්ව ආර්ථික ස්ථායීතාවය අතින් 1955න් පසුව හොඳම වසරයි.

කෙසේ වුවද, ස්ථායීතාවය යනු සාර්ව ආර්ථික ඉලක්ක වල ප්‍රමුඛතා දෙකකින් එකක් පමණයි. ස්ථායීතාවය තරමටම හෝ ඊටත් වඩා වැඩියෙන් වැදගත් වන්නේ ආර්ථික වර්ධනයයි. වසරේ දෙවන අර්ධය තුළ ආර්ථික වර්ධනයක් සටහන් වනු ඇති නමුත් ගෙවුණු 2023 වසර සමස්තයක් ලෙස සටහන් වනු ඇත්තේ ආර්ථිකය හැකිළුණු වසරක් ලෙසයි. ස්ථායීතාව පවත්වා ගන්නා අතරම, මෙසේ හැකිළුණු ආර්ථිකය නැවත වර්ධනය කර ගැනීම 2024 වසරේ ප්‍රධාන ආර්ථික අභියෝගයයි.

අපගේ ඇස්තමේන්තුව වනුයේ ඉහළ දමා ඇති බදු හමුවේ වුවද මෙම 2024 වසර තුළ ලංකාවේ ආර්ථිකය යම් තරමකින් වර්ධනය වනු ඇති බවයි. එහෙත්, ඉහළ බදු වල බලපෑම නිසා එම වර්ධනයේ බලපෑම ඉදිරි වසර තුළදී රටේ ජනතාවට නොදැනෙන්න පුළුවන්. මෙයට හේතුව ආර්ථික වර්ධනය නිසා රටේ ආදායම වැඩි වෙද්දී එසේ වැඩි වන ආදායමෙන් විශාල කොටසක් බදු ලෙස රජය විසින් ලබා ගැනීමයි.

ලෝක දේශපාලනය දෙස බැලුවත්, ලංකාවේ දේශපාලනය දෙස බැලුවත්, 2024 වසර තීරණාත්මක වසරක්. 2024 නොවැම්බර් 5 වනදා ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගන්නේද මහජන ඡන්දයෙන් බැවින් ප්‍රධාන තරඟකරුවන් කවුදැයි හරියටම දැන ගැනීමට මාස ගණනාවක් බලා ඉන්නට සිදු වනවා. එහෙත්, මෙය වත්මන් ජනාධිපති බයිඩන් හා හිටපු ජනාධිපති ට්‍රම්ප් අතර තරඟයක් වීමට විශාල ඉඩක් තිබෙනවා. මේ දෙදෙනාම බොහෝ වයස්ගත පුද්ගලයින් වීම විශේෂත්වයක්.

මෙම 2024 වසර ලංකාවේද මැතිවරණ වසරක්. වසර තුළ ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයද පැවැත්වීමට නියමිතයි. එහෙත්, ඇමරිකාවේ මෙන් නොව, බලයේ සිටින කණ්ඩායමේ අභිමතය පරිදි ලංකාවේ මැතිවරණ දින නියම වන නිසා මුලින් පැවැත්වෙන්නේ මේ මැතිවරණ දෙකෙන් කුමක්ද යන්න අවිනිශ්චිතයි. එමෙන්ම, මැතිවරණ සන්ධාන වටා පක්ෂ හා කණ්ඩායම් පෙළ ගැසෙන ආකාරයද තවමත් අවිනිශ්චිතයි.

කෙසේ වුවත්, මේ අවිනිශ්චිතතාවය ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ ආණ්ඩු බලය හොබවන රනිල්-රාජපක්ෂ කඳවුර හා අදාළවයි. විපක්ෂයේ ජවිපෙ/ජාජබ කඳවුර මෙන්ම සජබ කඳවුරද පැහැදිලිව හඳුනා ගත හැකියි. දැනට ආණ්ඩු බලය හොබවන කණ්ඩායම තුළ සිටින එජාප-රනිල් පාර්ශ්වය පෙනී සිටින්නේ මේ වන විටද ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති දිගටම ඉදිරියට ගෙනයාම වෙනුවෙනුයි. රට බංකොලොත් වීම දක්වා තල්ලු කෙරුණු ප්‍රතිපත්ති වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින සුළුතරයක් රාජපක්ෂ කඳවුර තුළ සිටියත්, නැවතත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජනතා අනුමැතිය ලැබේයැයි සිතන්නට අසීරුයි.

දැනට රජය විසින් ක්‍රියාත්මක කරන්නේ සජබ විසින් මුල සිටම පෙනී සිටි සාර්ව ආර්ථික වැඩ පිළිවෙළයි. ඒ නිසා, දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාම සජබ විසින්ද කරන්නට වඩාත්ම ඉඩ තිබෙන දෙයයි. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබෙන්නේ ජවිපෙ/ජාජබ බලයට පැමිණියහොත් කුමක් වේද යන්නයි.

පෞද්ගලිකව මා මෙහි විශාල අවදානමක් දකින්නේ නැහැ. රාජ්‍ය ව්‍යවසාය ආදිය හා අදාළව එජාප-සජබ කඳුවුරු වලට වඩා වෙනස් තැනක සිටියත්, සාර්ව ආර්ථික තුලනය පවත්වා ගැනීම හා අදාළව ඔවුන්ගේ ප්‍රතිපත්ති නරක තැනක ඇතැයි මා සිතන්නේ නැහැ. රජය කුඩා නොකර එලෙසම පවත්වා ගන්නා බවක් ඔවුන් කියන නමුත් එම රජය නඩත්තු කළ හැකි ආදායමක් උපයා ගන්නා බවද ඔවුන් විසින් හැම විටම කියන නිසා ජවිපෙ-ජාජබ ප්‍රතිපත්ති වලින් සාර්ව ආර්ථික තුලනය නැති වීමේ අවදානමක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, දේශපාලන අවිනිශ්චිතතා හමුවේ වුවද, 2024 ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ මගේ දැක්ම සුබවාදී දැක්මක්.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan