දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂ නායකවරයා පිහි ඇනුමකින් රෝහල් ගත කෙරේ!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායක ලී ජේ-මියුන් හට, අඟහරුවාදා (අද) උදෑසන බෙල්ලට එල්ල කළ පිහි ඇනුමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා පළ කරයි.

ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ලී ජේ-මියුන් මහතා දකුණු දිග වරාය නගරයක් වන බුසාන් වෙත පැමිණෙමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු පිහියක් වැනි ආයුධයකින් ඔහුගේ ගෙලට ඇන ඇති බව දර්ශන මඟින් දැකගත හැකිය.

59 හැවිරිදි ලී මහතා,ඉදිකිරීමට සැලසුම් කර තිබූ ගුවන් තොටුපළක් පිහිටි ස්ථානයක සංචාරය කරමින් වාර්තාකරුවන් සහ ආධාරකරුවන් පිරිසක් මැදින් යමින් සිටියදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල විය.

ප්‍රහාරකයා රඳවාගෙන ඇති බව බුසාන්හි පොලිසිය ප්‍රකාශ කළ නමුත් ඔවුන් ලී මහතාගේ තත්ත්වය හෝ ප්‍රහාරකයාගේ චේතනාවන් පිළිබඳව කිසිදු තොරතුරක් ලබා ලබා දී නොමැත.

ගිලන් රථයකින් රැගෙන යාමට පෙර සිටම ලී මහතාගේ ගෙලෙන් ලේ ගලමින් තිබූ බව දැකගත හැකි විය.
ඔහුගේ තුවාලය ජීවිතයට තර්ජනයක් නොවන බව ප්‍රාදේශීය පුවත් වාර්තා ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...