භූමිකම්පාවෙන් ජපානයේ 13 දෙනෙකු මියයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (01) දින ජපානයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන දහස් ගණනක් ජනතාව උස් බිම් වෙත යන ලෙස දැනුම් දීමෙන් පසු ඉවත් කිරීමේ මධ්‍යස්ථානවල රාත්‍රිය ගත කර ඇති බව සඳහන් වේ.

මෙහිදී තවදුරටත් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නොමැති නමුත් ජනතාවට යම් යම් උපදේශන දී ඇති බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ජපාන හමුදාව විසින් නිවසින් පිටවගොස් සිටින අය සඳහා ආහාර, ජලය සහ බ්ලැන්කට් ඇතුළු සැපයුම් ලබා දී ඇති බවයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ, අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට අමෙරිකාව සූදානම් බවයි.

සමහර මාර්ග හානියට පත්ව ඇති බැවින් ගලවා ගැනීමේ සේවකයින්ට නිවෙස්වල සිරවී සිටින අය වෙත ළඟා වීමට අපහසු විය හැකි නමුත්, මිනිසුන්ට උපකාර ලැබෙන බවට සහතික වී ඇති බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව...

බදුල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. රිය පදවා ඇත්තේ සහායකයා

සටහන - රුවන් නෙළුගොල්ල බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ...

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...