වැට් ගැන රකුසෝ මවලා තිබුණොත් බලාගෙනයි!

Date:

කොළඹ LNW:වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ජනතාව අතර සාවද්‍ය මතයන් සමාජගතකර ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

ඔහු පැවසුවේ, බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන පාර්ශවවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ජනතාව රජය සමඟ විශ්වාසවන්තව වැඩකටයුතු කළ යුතු අතර එමෙන්ම රජයද ජනතාව සමඟ විශ්වාසවන්තව කටයුතු කළ යුතු බවයි ඔහු පවසන්නේ.

”ඒක තමා වැදගත්ම දේ. මෙතන දී දේශපාලනය අරමුණු කරගෙන, ඡන්දය අරමුණු කරගෙන අපි රටක් වශයෙන් වැඩකටයුතු කරන්න ගියොත්, ආණ්ඩුවක් වශයෙන් වැඩකටයුතු කරන්න ගියොත් වැඩක් නැහැ. අපේ ගමනට හැමෝම එකතු වෙන්න ඕනේ. වැරදි ලෙස වැඩකටයුතු කරන ඒවට අපි ක්‍රියාමාර්ග ගන්නවා. වැට් බද්ද මුවාවෙන් වැඩකටයුතු කරන අය සමහර වෙලාවට නැති රකුසෙක් මවලා ජනතාව කුපිත කරලා, අවුල් කරන්න යනවා. එහෙම අය ගැන දැඩි තීන්දු අරගෙන නීතිය තුළ කටයුතු කරනවා” හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ඉරානයට පහරදෙයි !!

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතාම සාර්ථකව ප්‍රහාර එල්ල...

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව...

බදුල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. රිය පදවා ඇත්තේ සහායකයා

සටහන - රුවන් නෙළුගොල්ල බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ...

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...