අරගලයෙන් පසු ජනමතය වෙනස්වෙලාද ?

Date:

ලංකාවේ වාම නැඹුරුවක් ඇති දේශපාලන බලවේගවල මතය වන්නේ අරගලයෙන් පසු රටේ පැරණි දේශපාලන නැඹුරුව වෙනස් වී ඇති බවයි. එනම් රටම වමට හෝ අළුත් දිසාවකට නැඹුරු වී ඇති බවයි. ඇත්තෙන්ම ගත් කල එය මිත්‍යාවකි.

මන්ද අරගලය යනු ගෑස්, ඉන්ධන වැනි නාගරික සමාජයට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉහල මිලකටවත් ලබාගත නොහැකිවීම නිසා නිර්මාණය වූ මධ්‍යම පන්තියේ අදිසි කැරැල්ලකි.

පසුව අධික මිලට හෝ භාණ්ඩ සප්ලයි එක සැපයුන සැනින් අරගලය හිරු දුටු පිනි සේ දිය විය.. මධ්‍ය පන්තියේ ගලාගෙන ගිය ජීවන රටාව නැවත පීල්ලට වැටුන සැනින් සියල්ල ඕ.කේ. විය.

අපේ වැනි රටවල්වල මධ්‍යම පන්තිය යනු යම් ගෝලීය දේශපාලන සාක්ෂරතාවයක් ඇති සහ මතවාද තනන සහ පෙරළීන් නිර්මාණය කිරීමේ විභවයක් ඇති සමාජ ස්ථරයකි.

අප වැනි රටවල්වල බහුතර පහල පීඩිත පන්තිය වූ කලී අනුන්ගේ රැළි පසුපස ගාටන සහ ඕනෑම ද්‍රරිද්‍රතාවයකට අනුගතවෙන සමාජ ස්ථරයකි. මේ මොහොත වනවිටත් ඔවුන්ගේ කොටසකට දෛනික ආහාරවේල පවා අවිනිශ්චිතය. එහෙත් පෙරලියක් කිරීම සඳහා දරිද්‍රතාවය ඔවුන්ට උත්ප්‍රේරකයක් වන්නේ නැත. දරිද්‍රතාවය නිසා ඔවුන් සමාජ පෙරලි සිදුකරන්නේ නම් ඒ පෙරලිය මීට පෙර සිදුවී තිබිය යුතුය. එබැවින් මේ ආර්ථික පීඩනය අදාළ වෙන්නේ ඉහත කී පහල පන්තීන්ට වන බැවින් තත්වයට අනුගත වීමක් මිස අදිසි පෙරලියක් සිදුවීමේ ඉඩ කඩ අල්පය.

මෙහි අනෙක් කාරණය අරගලය නිර්මාණය වූයේම “දෙසීය විසිපහම එපා” යන තෙමාව යටතේ සියළු පක්ෂ ප්‍රතික්ෂේප කරන නිර්පාක්ෂික ප්‍රවේශයකිනි. එබැවින් අරගලයේ වාසිය මොනයම් හෝ දේශපාලන ප්‍රවාහයකට එකතුවූවා යැයි ද සිතිය නොහැක.

අනෙක් පැත්තෙන් දශක ගණනාවක් ඇටුවම් බැහැපු තට්ටුමාරු දේශපාලන ජාන මාස දෙක තුනක සිද්දියක් නිසා උඩු යටිකුරු වී ඇතැයි සිතීම ද තමන් විසින් තමන්ම රවටා ගැනීමකි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...