ජනපති රනිල්ගේ ස්ථාවරය මුලින්ම කියන්න ඕනෑ – දිළුම් (VIDEO)

Date:

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුලින් සිය ස්ථාවරය ප්‍රකාශ කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ඉන් පසුව ප්‍රකාශයට පත් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද ? ඇයි රටට කියන්නේ නැත්තේ බයද ?

“නෑ, අපි බය නෑ. පළවෙනියටම ජනාධිපතිතුමා එතුමාගේ ස්ථාවරය පවසන්න ඕනෙ. ඊටපස්සේ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දුවක් ගන්නේ. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර ඡන්දයෙන් ඡන්ද 134ක් අරගෙන තමයි එතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත්වුණේ. එතුමාගේ ස්ථාවරය, එතුමා තරග කරනවාද, එතුමා අපේ සහාය බලාපොරොත්තු වෙනවාද, එතුමා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හැටියට තරග කරනවාද, නැත්නම් එතුමා සහ අපි සන්ධානයකින් තරග කරනවාද කියන ස්ථාවරය ජනාධිපතිතුමා ප්‍රකාශ කළ යුතුයි. ඒ ස්ථාවරය අනුව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දුවක් ගන්නේ වෙනම අපේක්ෂකයෙක් දානවද, එතුමාට සහාය දෙනවාද, මොනවද කරන්නේ කියන එක සම්බන්ධව. එතුමාට අපි මේක කියලා තියෙනවා, එතුමා ඉදිරියේදී පක්ෂයත් එක්ක එතුමාගේ ස්ථාවරය ප්‍රකාශ කරයි”

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (03) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...