ලංවිම සේවකයින් දෙවන දිනටත් පාරට බහිද්දී වෘත්තීය සමිති නායකයින්ට වාරණ නියෝග!

Date:

කොළඹ LNW: ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දෙවන දිනටත් අද (04) විරෝධතාවේ නිරත වෙමින් සිටියි.

ඒ,ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිවයි. එම පනත වහා හකුළා ගන්න ලෙස රජයට බලකරමින් ඊයේ දින සිට අඛණ්ඩ දින තුනක් ලංවිම සේවක විරෝධතා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව රන්ජන් ජයලාල් ඇතුළු සෙසු විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය,ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශ පරිශ්‍රය සහ මහ බැංකු පරිශ්‍රයට අද දින ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතුවෙයි.

මෙම තෙදින විරෝධතාව රජය විසින් නොසලකා හැරියහොත් පනත පරාජය කිරීම සඳහා අවශ්‍ය අඛණ්ඩ මැදිහත් වීම සිදුකරන් බවටයි ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති අවධාරණය කර ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...