හෙට සිට ඇරඹෙන අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනට UNICEF සහාය

Date:

ශ්‍රී ලංකාවේ අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා UNICEF සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දී ඇති බව වාර්තා වේ.

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන මෙම අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනේ පළමු අදියර ජනවාරි 06 වැනි දා දිස්ත්‍රික්ක 09ක පිහිටි 1,600කට වැඩි සායන සංඛ්‍යාවකින් ආරම්භ වීමට නියමිත ය.

ඒ අනූව එම පළමු අදියර සරම්ප රෝගීන් වැඩියෙන් වාර්තා වූ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ ඇතුළු ඉහළ ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්ක නවයක, මාස 6-9 අතර කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ජනවාරි මස 06 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.

දෙවන අදියර ජනවාරි මස 20 වැනි දා සිට රට පුරා සිටින අනෙකුත් වයස් කාණ්ඩවල දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබේ.

2023 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් වාර්තා වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...