භූමිකම්පාවෙන් ජපන් වැසියන් 242ක් සොයා තවදුරටත් මෙහෙයුම්! පැය 72ක් ගෙවී අවසන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ භූමිකම්පාව ඇතිවීමෙන් පසු අතුරුදන්වූවන් සොයා ගැනීම සඳහා ගත වූ පැය 72 ක තීරණාත්මක කාලය අවසන්ව ඇති බවත්, භූමිකම්පාවෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් 242 දෙනෙකු පමණ පිරිසක් සොයා ගැනීමට සහන කණ්ඩායම් තවමත් වෙහෙසෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 92 දක්වා ඉහළ ගිය අතර එය රික්ටර් පරිමාණයේ 7.6 ක භූ කම්පනයකි.

මේ වනවිට, ජපානයේ ස්වයං-ආරක්ෂක බලකායන් ගලවා ගැනීමේ සහ සහන සඳහා යොදවා ඇති භටයින් සංඛ්‍යාව 4,600 දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වේ.

වැඩි පිරිසක් ඔවුන්ගේ කඩා වැටුණු නිවාස යට සිරවී සිටින බවට විශ්වාසය පළ කෙරේ.

මේ වනවිටත් දස දහස් ගණනක් නිවැසියන් තවමත් විදුලිය හා ජලය නොමැතිව සිටින අතර, නායයෑම් සහ අවහිර වූ මාර්ග හේතුවෙන් ජනතාවට උපකාර ලබා ගැනීම අසීරු වී ඇති බවද එරට මාධ්‍ය පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...